Wednesday, December 31, 2025
24.7 C
Sri Lanka

ඌවේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක් – උසස් පෙළ සිසුන්ටත් පණිවුඩයක්

ඌව පළාතේ පාසල් සියල්ල මේ මස 29 වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා පවසයි.

අද දෙරණ BIG FOCUS සංවාදයට අද (16)  එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, ගංවතුරෙන් කුමන හෝ ආකාරයක බලපෑමට ලක්ව ඇති පාසල් විවෘත නොකිරීමට බලපාන ප්‍රධාන කරුණ වන්නේ ප්‍රවාහන අපහසුතා හෝ සහන කඳවුරු ක්‍රියාත්මක වීම බවය.

මෙහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසා සිටියේ කල්දැමූ උසස් පෙළ විභාගය තවත් දින 7ක් පුරා පැවැත්වීමට නියමිත බවය.

2026 ජනවාරි 12 වන දා සිට ජනවාරි 20 වන දින දක්වා එම විභාගයන් පැවැත්වෙන බවත් එහිදී ප්‍රශ්න පත්‍රයක දෙක කොටස පමණක් ඇති විෂයන් 5ක්, පළමු ප්‍රශ්න පත්‍රයට පමණක් පිළිතුරු ලියන්න ඉතිහාසය විෂය පමණක් ඇති බවත්, ප්‍රශ්න පත්‍ර එක හා දෙක කොටස දෙකම ඇති සම්පූර්ණ විෂයන් 10ක් එම කාලය තුළ පැවැත්වීමට නියමිත බවද විභාග කොමසාරිස්වරිය පැවසුවාය.

සිසුන් 202,627ක් ඉදිරි දින කිහිපය තුළ කුමන හෝ විෂයක් සඳහා පෙනී සිටීමට නියමිත බවද පැවසු විභාග කොමසාරිස්වරිය, පැවති ආපදා තත්ත්වය හමුවේ වෙනස් විභාග මධ්‍යස්ථානයක අවශ්‍යතාවයක් තිබේ නම් විදුහල්පතිවරයා හරහා විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කළ හැකි බව ද සඳහන් කළාය.

මේ අතර, පෞද්ගලික අයදුම්කරුවන්ට ඍජුවම 1911 හෝ 0112 784 208, 0112 784 537 හෝ 0112 788 616 යන දුරකථන අංකයන්ට කතා කර විභාග දෙපාර්තමේන්තුව අමතා වෙනත් විභාග මධ්‍යස්ථානයක් ඉල්ලා ගැනීමට හැකියාව ඇති බවද විභාග කොමසාරිස්වරයා පැවසීය.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron