දෙව්නිමෝරි සර්වඥධාතූන් වැඳපුදන්න සැදැහැවතුන් විශාල පිරිසක් හුණුපිටිය ගංගාරාමයට

දෙව්නිමෝරි සර්වඥධාතූන් වැඳපුදන්න සැදැහැවතුන් විශාල පිරිසක් හුණුපිටිය ගංගාරාමයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් මෙරටට වැඩම කරවූ දෙව්නිමෝරි සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා අද (05) උදෑසන සිට මේ දක්වා විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණෙන බව වාර්තා වේ.

ඒ අනුව අද සිට පෙබරවාරි 11 වනදා පෙරවරු 07 දක්වා පැය 24 පුරාම ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ පින්සාර අවස්ථාව සැදැහැවතුන්ට හිමි වේ.

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයා ගැණුනු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ඊයේ (04) මෙරටට වැඩම කරවා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පීඨිකාවක තැන්පත් කරණු ලැබීය.

එම සර්වඥ ධාතූන් වහන්සේ ලාංකික සැදැහැවතුන්ට වන්දනාමාන කරගැනීමේ දුර්ලභ අවස්ථාව උදාකර දෙමිනි.

ඉන්දියාවෙන් පිටතට පළමු වරට වැඩමකරවූ උතුම් සර්වඥ ධාතූන්වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමට නන් දෙසින් සැදැහැවතුන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටියි.

සර්වඥ ධාතු වන්දනාව පැවැත්වෙන කාලසීමාව තුල ගංගාරාම විහාරස්ථානයේ මෙන්ම ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකව පවති.

එමෙන්ම එහි පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පැය 24 පුරාම දන්සැලක්ද සංවිධාන කර තිබේ.

මෙවන් පසුබිමක ධාතූන් වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත

ඒ අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාය.

එමෙන්ම සර්වඥධාතු වන්දනාව හේතුවෙන් විහාරස්ථාන අවට රථ වාහන තදබදය අවම කිරීමට ඒ අවට මාර්ග කිහිපයක වසා තැබීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

මේ අතර සර්වඥධාතූ වන්දනාව වන්දනාව වෙනුවෙන් පැමිණෙන සැදැහැවතුන්ට සිය වාහන ගාල්කිරීමට ගාස්තු අය කිරීමට තොරව රථගාල් කිහිපයක්ද ක්‍රියාත්මක වේ.

Hot this week

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

Topics

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...

අර්ජුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සමේ විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්...

නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලපෑම් නෑ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron