කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

ත්‍රිකුණාමල වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් මහාධිකරණයට යොමු කර ඇති ඇප අයැදුම සලකා බලන තෙක් හිමිවරු ඇතුළු දස දෙනා වැනි දා 11 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා අද නියම කළේය.

සැකකාරය හිමිවරු සිව් නම ඇතුළු දසදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන නුවන් ඉඳුනිල් බැල්ලන්තුඩාව, මහේෂ් කොටුවැල්ල, තිස්ස යාපා, සංජීව වීරවික්‍රම, මධුමාලිද අල්විස්, මනෝජ් අරවින්ද සෙබස්තියෙන් යන මහත්ම මහත්මින් මහේස්ත්‍රාත් හමුවේ පවසමින් කියා සිටියේ අදාළ ඇප අයදුම සලකා බැලීම සදහා දින දෙකක් කල් ගතවන බවට මහාධිකරණය දන්වා ඇති බව කීහ.

මෙහිදී නීතිඥ මණ්ඩලය මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු කරමින් පැවසුවේ හිමිවරුන්ට නියමිත වේලාවට දාන වේල නොලැබෙන බවය.

නීතිඥ මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මහේස්ත්‍රාත් අවසරය මත විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කළ බලන්ගොඩ කස්සප හිමියෝ තමන් ඇතුළු හිමිවරුන්ට නියමිත වේලාවට දානය නොලැබෙන බවත් ඒ අනුව බන්ධනාගාරය තුළ බුද්ධ නීතියට පටහැනිව කටයුතු කිරීමට සිදු වී ඇති බවත් කීහ.

පෝය දින සිල් ගැනීමට යාමේදී බන්ධනාගාර අධිකාරීවරයා ඒ සම්බන්ධයෙන් විවිධ බාධා එල්ල කළ බවද බලන්ගොඩ කස්සප හිමි විවෘත අධිකරණයේ පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියමිත වේලාවට දානය ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

මෙහිදී කරුණු දැක්වූ සැකකාර ත්‍රිකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියෝ තමන් වහන්සේට බන්ධනාගාර අධිකාරීවරයා නිරන්තර සහාය දක්වන බව කීහ.

මෙසේ යළි බන්ධනාගාර ගත වූයේ නැගෙනහිර භික්‍ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බලංගොඩ කස්සප, ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, ත්‍රිකුණාමලය නගර හා කඩවත් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී නිලාවේලි බොරලුකන්ද රජමහා විහාරාධිකාරී ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස සහ ත්‍රිකුණාමලය ආනන්දාරාම විහාරවාසී ත්‍රිකුණාමලයේ නන්ද යන හිමිවරුන් සහ ත්‍රිකුණාමලය එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්. දිපානි, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති, සිංහල සංවිධාන එකමුතුවේ කැඳුම්කරු දුලාර ගුණතිලක, ලියනගේ තිලක් පෙරේරා, ඩික්මන් ජයරත්න හා එම්. සී. පියල් හේමසිරි යන අයයි.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron