ජනපති මුල්ගල තැබූ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නතර කිරීමට නියෝගයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් මුල් ගල තබා පසුගිය වසරේ වැඩ ආරම්භ කරන ලද උතුරේ ඉදිවන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වැඩ කටයුතු පරිසර අගැයීම් වාර්තාව නොමැති වීම හේතුවෙන් තාවකාලිකව නවතා දැමීමට නියෝග කර තිබේ.

ජනපති අතින් වැඩ මුල්ගල් තැබූ යාපනයේ ක්‍රිකට් ක්‍රීඩාංගණය

යාපනය, මණ්ඩතිව් දූපතෙහි ඉදි කෙරෙන යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් 2025 වසරේ සැප්තැම්බර් 01 වන දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේ ය.

එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු තරගය පසුගිය වසර අවසන් වන විටත්, පළමු ජාත්‍යන්තර තරගය වසර 03ක් ඇතුළත පැවැත්වීමටත් හැකි වනු ඇති බවට ඒම අවස්ථාවේදී ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේ ය.

දිගුකාලීන සැලැස්මක් යටතේ මණ්ඩතිව් දූපත ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් සහිත ක්‍රීඩා නගරයක් බවට පත්කිරීම මෙහි අරමුණ වී තිබූ අතර මෙම ව්‍යාපෘතියට ක්‍රිකට් ක්‍රීඩාංගණයට අමතරව අංගසම්පූර්ණ පිහිනුම් තටාකාංගණයක් සහ ගෘහස්ථ ක්‍රීඩාගාරයක්, තරු පන්තියේ හෝටල්, අවන්හල් සහ සුඛෝපභෝගී මහල් නිවාස, සාප්පු සංකීර්ණ මෙන්ම විනෝදාස්වාද මධ්‍යස්ථානයක්ද ඇතුළත්ව තිබේ.

ප්‍රේක්ෂකයින් 40,000කට තරග නැරඹිය හැකි පරිදි අදියර හතරක් යටතේ මෙය ඉදි කිරීමට සැලසුම් කර තිබුණි.

එය සාර්ථකව නිම වූයේ නම්, ජාත්‍යන්තර දිවා/රාත්‍රී තරග පැවැත්විය හැකි ශ්‍රී ලංකාවේ පස්වන ක්‍රීඩාංගණය ලෙසත්, ජාත්‍යන්තර මට්ටමේ හත්වන ක්‍රීඩාංගණය ලෙසත් ඉතිහාසගත වීමට නියමිතව තිබුණි.

පරිසර බලපෑම් තක්සේරු වාර්තාව

මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය පාරිසරික අනුමැතිය මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගෙන නොමැති වීම හේතුවෙන් අදාළ ඉදිකිරීම් කටයුතු නවතා පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සැකසීමට අවශ්‍ය උපදෙස් මීට දින කිහිපයකට ඉහතදී ලබා දුන් බව එම අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

පාරිසරික අගැයීම සිදුකිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති බව පැවසූ මහාචාර්ය තිලක් හේවාවසම්, ඒ අනුව උපරිම වසර දෙකක පමණ කාලයක් සඳහා එම අනුමැතිය වලංගු බවත් ඊට පෙර අදාළ අගැයීම සිදුකර පරිසර වාර්තාව අනුමැතිය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය වෙත යොමු කළ යුතු බවත් පැවසීය.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron