Wednesday, April 8, 2026
22.3 C
Sri Lanka

QR ගැටලුව විසඳන්න හඳුන්වා දුන් නව ක්‍රමවේදය කුමක් ද ?

වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා කලින් ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත නැවත ලබාගැනීම සඳහා අද (19) සිට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව මීට පෙර (2026 මාර්තු 14ට පෙර) වාහනවල ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවතත් ලබාගැනීමේදී, එම ලියාපදිංචිය සිදුකළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයෙකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් අපහසුතා මඟහරවා ගැනීම සඳහා අද සිට මෙම නව විශේෂාංගය පද්ධතියට එක් කර ඇත.

• ඔබගේ වාහනයේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා වාහන අංකය සහ චැසි අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් පමණක් මෙම නව පහසුකම භාවිත කළ හැකිය.

• වාහනය දැනටමත් වෙනත් අංකයක් යටතේ ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි වී තිබුණද (ලියාපදිංචිය 2026 මාර්තු 14ට පෙර විය යුතුය), ඔබ සතු නිවැරදි තොරතුරු ඇතුළත් කර පවතින ලියාපදිංචිය අවලංගු කර ඔබගේ නව දුරකථන අංකය යටතේ ලියාපදිංචි විය හැකිය.

• ⁠ඔබ ‘Override’ විකල්පය තෝරාගත් විට, එම වාහනයට සම්බන්ධ පැරණි ගිණුම දත්ත පද්ධතියෙන් ඉවත් කර ඔබගේ තොරතුරු සහිත නව ගිණුමක් වහාම ක්‍රියාත්මක වෙයි.

මෙම ක්‍රියාවලියේදී පවතින ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචිය අවලංගු වන බැවින්, පෙර පරිශීලකයාට එම වාහනය වෙනුවෙන් ලැබුණු වරප්‍රසාද සහ ප්‍රවේශය අහිමි වන අතර මෙම පහසුකම මඟින් මෙතෙක් කාලයක් වෙනත් පාර්ශ්වයන් සතුව හෝ භාවිතයේ නොමැති දුරකථන අංක යටතේ ලියාපදිංචි වී තිබූ වාහන සඳහා නිවැරදි හිමිකරුට තම QR කේතය බාධාවකින් තොරව ලබාගැනීමට හැකියාව ලැබේ.

තමාට නීත්‍යානුකූල අයිතියක් නොමැති අන් පුද්ගලයෙකු සතු වාහන ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කළ වාහනයක දත්ත ඉවත් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන කරයි.

ලියාපදිංචිය සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
https://fuelpass.gov.lk/

Hot this week

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකතන හා Whatsapp අංක භාවිත...

අදත් ප්‍රදේශ රැසකට පැය 12 ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු...

Topics

උතුරු මාර්ගයේ දුම්රිය සේවා හෙට සිට

'දිට්වා' සුළි කුණාටුවෙන් අඩාල වූ උතුරු මාර්ගයේ දුම්රිය සේවා...

නවීකරණයට ලක් වූ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට

නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතා අයිතියට...

උත්සව කෑම වට්ටෝරු මිල ඉහළට

උත්සව කෑම වට්ටෝරු සඳහා මෙතෙක් අයකරුණු ලැබූ ගාස්තුව අද...

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකතන හා Whatsapp අංක භාවිත...

අදත් ප්‍රදේශ රැසකට පැය 12 ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු...

අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැළැස්මක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා...

අවුරුදු උත්සව සඳහා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය

එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා...

සරත් කෝන්ගහගේ සහ දේවප්‍රිය අබේසිංහ අත්අඩංගුවට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron