ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්න ලබා දුන් මාර්ගෝපදේශ මොනවද ?

  • තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද.
  • රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.
  • සියලු ලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම.
  • හැකි සෑමවිටම Sky lights භාවිත කිරීම.
  • වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය.
  • උදෑසන කාලයේ ජනෙල් විවෘත කිරීම සහ පැය 1ක් හෝ 2ක් වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කිරීම හා වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක් පවත්වා ගැනීම අනිවාර්යය වේ.
  • අධි ආරක්ෂක හා ආරක්ෂිත කලාප මාර්ගවල හැර සියලුම මාර්ගවල විදුලි පහන් නිවාදැමීම.
  • විදුලි සෝපානය වෙනුවට හැකිතාක් පියගැටපෙළ භාවිත කිරීම.
  • තාක්ෂණික පහසුකම් පවතී නම් කාර්ය මණ්ඩල කාර්යාලයට නොකැඳවා ඔන්ලයින් සේවය ලබාගැනීම.
  • නියමිත රාජකාරි වෙලාවෙන් පසුව හා සතිඅන්තයේ කාර්යාල වසා තැබීම.

ආනයනය කිරීමේ දී බාධා මතුවිය හැකි බැවින් දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්ය.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත මෙම මාර්ගෝපදේශ මාලාව ඊයේ (23) දිනයේ නිකුත් කර තිබේ. 

එමඟින් රජයේ කාර්යාලවල කාර්ය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනාකරණය කිරීම සඳහා රාජ්‍ය ආයතන විසින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව දීර්ඝ වශයෙන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

නිලධාරීන් රාජකාරී සඳහා පැමිණීමේ දී තනි තනි වාහන භාවිතය වෙනුවට හැකි සෑම විටම පොදු ප්‍රවාහන සේවා හෝ කණ්ඩායම් ප්‍රවාහන සේවා භාවිතා කළ යුතු බවත් ක්ෂේත්‍ර රාජකාරී සඳහා අවම වාහන සංඛ්‍යාවක් භාවිතයට ගතහැකි පරිදි දෛනික ප්‍රවාහන සැලසුම් සකස් කළ යුතු බවත් දැනුම් දී තිබේ.

විදුලිය සහ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා ද ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සඳහන්ය.

විශේෂයෙන් ස්වභාවික ආලෝකය, හැකි සෑම විටකම භාවිතා කිරීමට සහ වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතා කිරීමට යොමුවන ලෙස එම මාර්ගෝපදේශවල සඳහන් වේ. 

ආයතනවල විදුලි සෝපාන භාවිතය හැකිතාක් අවම කර පියගැටපෙළ භාවිතා කිරීම ප්‍රවර්ධනයට මෙන්ම පළාත්පාලන ආයතන මගින් පාලනය වන විදුලි ලාම්පු අනවශ්‍ය අවස්ථා වලදී නිවා දැමීමට පියවර ගන්නා ලෙස ද අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.

ඊට අමතරව අධිආරක්ෂක හා ආරක්ෂිත කලාපවල හැර අනෙකුත් මාර්ගවල තාවකාලික පිළියමක් ලෙස විදුලි පහන් නිවා දැමීමට මෙන්ම දිවා කාලය තුළ දී ආයතනවල ඇති රූපවාහිනී යන්ත්‍ර අක්‍රීය කිරීම ද එම මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්ය.

රාජ්‍ය ආයතනවල මෙහෙයුම් ක්‍රියාපටිපාටිය සිදුකිරීම් සම්බන්ධයෙන් ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් ලබාදී තිබේ.

ආයතනයට අවශ්‍ය තාක්ෂණික පහසුකම් පවතින්නේ නම් කාර්ය මණ්ඩලය කාර්යාලයට නොකැඳවා මාර්ගගත ක්‍රමවේද හරහා සේවය ලබා ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතු බව එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වේ.

නියමිත රාජකාරී වේලාවෙන් පසුව සහ සතිඅන්ත දිනවල අත්‍යාවශ්‍ය අවස්ථාවකදී හැර කාර්යාලය වසා තැබීමට වගබලා ගතයුතු බවට ද ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

සියලුම රාජ්‍ය නිලධාරීන් මෙම බාහිර කම්පනයේ බලපෑම හමුවේ දී මහජනතාවට ආදර්ශයක් වන පරිදි කටයුතු කළ යුතු අතර ජාතික බලශක්ති සංරක්ෂණය සහ සුරක්ෂිතතාවය වෙනුවෙන් උපරිම සහාය ලබාදීමට වගබලාගතයුතු බව ද අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර කාලයේ දී විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ පැවති උත්සවයක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron