අලුත් අවුරුද්දට විශේෂ ප්‍රවාහන සැළැස්මක්

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට සිට අප්‍රේල් මස 20 දක්වා කාලසීමාව තුළ දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධව මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම ක්‍රියාත්මක වනු ඇති බව සඳහන් වෙයි.

ඊට අදාළව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් නියාමනය වන අන්තර් පළාත් පෞද්ගලික බස් සේවාවන් මගින් දෛනිකව අතිරේක ගමන්වාර 800 බැගින් යොදවා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මීට සමගාමීව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දැනට ධාවනය වන ගමනාන්ත සඳහා කොටුව දුම්රිය ස්ථානයේ සිට සාමාන්‍ය ගමන්වාරවලට අමතරව අතිරේක විශේෂ දුම්රිය යොදවා ඇති බව ද සඳහන් වෙයි.

මෙම කාලසීමාව තුළ ගම් බිම් බලා පිටත්වයාම සඳහා කොළඹ නගරය සහ තදාසන්න නගර ආශ්‍රිත බස් සහ දුම්රිය නැවතුම්පළවලට ලක්ෂ 15කට ආසන්න මගීන් සංඛ්‍යාවක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

මගීන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, ආරක්ෂක කටයුතු, ප්‍රථමාධාර ඇතුළු මූලික අවශ්‍යතා අදාළ බස් පර්යන්තවල සපයා ඇති අතර විශේෂ රාජකාරී සඳහා නිලධාරීන් ද යොදවා ඇත.

එමෙන්ම අදාළ කාල සීමාව තුළ දවසේ පැය 24ම ආවරණය වන පරිදි මෙහෙයුම් මැදිරියක් සහ පාරිභෝගික සේවා ඒකකයක් ස්ථාපිත කර ඇති බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

1955 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය සහ 071 259 55 55  වට්ස්ඇප් අංකය හරහා ඕනෑම අයෙකුට ඒ හා සම්බන්ධ විය හැකි බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.
 
Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron