අදත් ප්‍රදේශ රැසකට පැය 12 ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12 බැගින් අවස්ථා දෙකකදී ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ අද (08)උදෑසන 8 සිට රාත්‍රී 8.00 දක්වා ගලගෙදර, ඉරිදා පොළ, පින්නවල, වේවැල්පනාව, පිටුම්පෙ, මීපේ, මාවතගම, පාදුක්ක, උඩුමුල්ල, අරුක්වත්ත, වේරගල, බෝපේ, මලගල, කහවල, මිල්ලව, කොටියන්ගොඩ, පෝරෙගෙදර, අංගම්පිටිය, අංගම්මන, මීරියගල්ල සහ යටවතුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවය.

ඊයේ (07) රාත්‍රී 8 සිට අද (08) උදෑසන 8 දක්වා කාලය තුළ පැලැන්වත්ත, සිද්ධමුල්ල, ඇරැව්වල, නිවන්තිඩිය, බෝකුන්දර පාර, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල පාර, මොරකැටිය පාර, හිරිපිටිය, ගොරකපිටිය පාර, නියඳගල පාර, දොලේකඩේ හංදිය, කුඩාමාදුව සහ පුබුදු මාවත 255 බස් මාර්ගයේ වෙල දක්වා අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබුණි. 

පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යාම හේතුවෙන් මෙලෙස ජල සැපයුම් සීමා කිරිමට පියවර ගෙන තිබේ. 

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron