ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (17) පැමිණිල්ලක් ලැබී තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා 2024 හා 2025 වසරවලට අදාළව පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබේ.

රුපියල් කෝටි 6.7කට අධික නිෂ්චල දේපොළ තමාට අයත් බවට අමාත්‍යවරයා සිය වත්කම් ප්‍රකාශය මගින් දක්වා තිබීමත්, සිය වියදම් පවා පියවාගැනීම දුෂ්කර බවට ඔහු වසර කිහිපයකට පෙර ප්‍රකාශයක් කර තිබීමත් සැලකිල්ලට ගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව,

"ඉතාමත්ම අඩු කාලයක් තුළදී විශාල ධනයක් ඔහු උපයා ගත්තේ කෙසේද?. එතකොට අල්ලස් හා දූෂණ විරෝධී කොමිෂන් සභාවට ඔහු අවසන්වරට ලබාදීපු වත්කම් ප්‍රකාශයත්, වර්තමානය වනවිට ඔහු සතු වත්කම් සම්බන්ධවත් තිබෙන පරස්පරයත් ගැන සමාජය මතු කරන සිදුවීම ගැන පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා"

යැයි පැවසීය.

Hot this week

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

Topics

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...

අර්ජුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සමේ විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්...

නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලපෑම් නෑ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron