තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිමිවරුයළි රිමාන්ඩ්

තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිමිවරු23දෙනා එළැඹෙන ජුනි 09වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය නියෝග කළාය.

එම හිමිවරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ මාර්ගගත ක්‍රමය ඔස්සේය. 

සියලුම නඩුවල තුන්වන සැකකරු ලෙස නම් කර ඇති චන්ද්‍රකුමාර දයාරත්න නැමැත්තා මුල්වරට අධිකරණයට ඉදිරිපත් කරන බැවින් එම පුද්ගලයා පමණක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් විවෘත අධිකරණයට ඉදිරිපත් කළේය.

රිමාන්ඩ් දිර්ඝ සඳහා දිනකට නඩු සිය ගණනක් කැඳවන බැවින් කුඩා සිරකුටියේ සැකකරුවන්ට සිටිමට අපහසු බැවින් එලෙස මාර්ගගත ක්‍රමය යටතේ නඩු කැඳවන බව අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළාය. 

එහිදී මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණ ශාලාවේ විශාල සෙනඟක් සිටින බැවින් එකී සැකකාර ස්වාමීන් වහන්සේලාට බිම ඉඳගෙන සිටිමට වන බවත් එම කුඩා කුටියේ සිය ගණනකට හුස්ම ගැනීමට පවා අපහසු වන බැවින් මේ ආකාරයට රිමාන්ඩ් නඩු මාර්ගගත ක්‍රමය යටතේ කැඳවන බවය.

තායිලන්තයේ සංචාරයක නිරත වූ හිමිවරු 22, අප්‍රෙල් 25 වැනිදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වුණේ ඔවුන් රැගෙන ආ ගමන් මලුවල තිබී කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් හමුවීමත් සමඟය.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී තිබුණේ අමිතානන්ද හිමි විසින් මෙම නීතිවිරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවය.

ඒ අනුව අමිතාන්නද නම් චීවරධාරියාද ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම මෙම පිරිස මෙහෙය වූ බව කියන මින්පෙර අවස්ථාව වලදී ද මත්ද්‍රව්‍ය මෙරටට ගෙන එම සඳහා ඊට ආධාර අනුබල දුන් මහමුද් මොහොමඩ් නැමති පුද්ගලයකු කොළඹ ප්‍රදේශයේදී ඉකුත් 8වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

එම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉකුත් 9වනදා ඉදිරිපත් කළ අතර 14 වැනිදා දක්වා රඳවා ප්‍රශ්න කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය හමුවේ නීති කෘත්‍යය කැඳවූ අවස්ථාවේ පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යාංශයේ නිලධාරීන් පැමිණ පසුගිය නඩු වාරයේදී ප්‍රමාදයට හේතු දැක්වීය.

එහිදී නිලධාරීන් කියා සිටියේ ඔවුන් පැමිණි වාහනය කාර්මික දෝශයකට ලක් වූ බැවින් එකී ප්‍රමාදය සිදු වු බවය. 

මින් ඉදිරියට එසේ නොවන බවත් 9.00 වන විට අධිකරණයට පැමිණෙන බවත් සඳහන් කළ නිලධාරීන් සමාව අයැද සිටියහ.

එහිදී මහෙස්ත්‍රාත්වරිය දැඩිව අවවාද කරමින් සඳහන් කළේ සිටියේ අධිකරණ කටයුතු 9.00ට පටන් ගන්නා බැවින් මෙසේ ප්‍රමාද වීම යුතු නොවන බවය. 

“මේක සාමාන්‍ය නඩුවක් නෙවෙයි, ඔයලා එනකං අධිකරණයට බලන් ඉන්න බෑ. මෙි නඩුව වෙනස් සංවේදී හැමෝගෙම අවධානය යොමු වෙන නඩුවක්, ඒ නිසා වෙලාවට එන්න. මින් ඉදිරියට එසේ සිදුවෙන්න බෑ” යැයි මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශයේ උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා සඳහන් කළේ රාජා අන්වර් නැමති සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කරන බවත් ය. 

එම පුද්ගලයා පුන්‍යරතන හාමුදුරුවෝ සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවද එම නිලධාරියා පෙන්වා දුන්නේ ය.

ඉන් අනතුරුව නඩු 22ක සම්බන්ධයෙන් කාන්තා උප පොලිස් පරික්ෂක ලක්මාලි මහත්මිය වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති බවය. 

ඒ අනුව වෙන් වෙන් වශයෙන් පවරා ඇති නඩු 22කට සැකකරුවන් 8දෙනෙකු ලෙස නම් කෙරිණි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය මෙම පිරිස එළැඹෙන ජුනි මස 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

Hot this week

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...

Topics

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...

අර්ජුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සමේ විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්...

නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලපෑම් නෑ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක්...

නාමල් සිරකරන්න ආණ්ඩුව විමර්ශන වාර්තා සඟවනවා!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති විභාගය සම්පූර්ණ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron