මම අත්දැකීම් සම්භාරයක් තියෙන භික්ෂුවක්. මගෙන් හොයන්න එපා සිල් – ඥානසාර හිමි

තමන් වහන්සේලාට සිදුවන අපහාස කිරීම් සම්බන්ධයෙන් නීතිඥවරුන් පසුපස ගොස් ඔවුන් පොහොසත් කිරීමට අවශ්‍ය නොවන බවත්, ඒ වෙනුවට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත නිසි ලෙස පැමිණිලි කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ, බෞද්ධ ශාසනය පාර්ශවයෙන් එවැනි නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවත්, වර්තමානයේ මහා සංඝරත්නය පවා ඒ සම්බන්ධයෙන් උදාසීන වී ඇති බවයි.

වර්තමාන සමාජ මාධ්‍ය භාවිතය දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් ඥාණසාර හිමියන් ප්‍රකාශ කළේ, බොහෝ පිරිස් සැබෑ කැපකිරීම් කිරීමෙන් වැළකී සිටින බවයි.

“දැන් අපිට අපහාස කරද්දි අපි ඇත්තටම ගිහිල්ලා මේ උසාවිවල මේ නීතීඥ මහත්තුරු අල්ලගෙන ඒගොල්ලන්ව පොහොසත් කරන්න ඕන නෑ. අපි ගිහිල්ලා පැමිණිලි කරන්න ඕන බෞද්ධ කටයුතු කොමසාරිස්ට. දැන් ඒක ක්‍රමවේදයක්වත් බෞද්ධ ශාසනය පැත්තෙන් කරන්නේ නෑනේ. කම්මැලි නේ.සංඝයා වහන්සේලත් කම්මැලි. මුං ඔක්කොම ෆේස්බුක් එකෙනුයි අම්මගේ රෙද්ද යූටියුබ් එකෙනුයි ශාසනය හදන්නේ. එකෙක්වත් කැපකිරීම් කරන්නේ නැහැ.”

තමන් වහන්සේගෙන් සිල් රැකීම හෝ අභිඥා වැනි ආධ්‍යාත්මික කරුණු පිළිබඳව විමසීමට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටි උන්වහන්සේ, මේ මහ පොළොව මත බුදුදහමට හානි කිරීමට පැමිණි විවිධ කණ්ඩායම් හා කල්ලි සමඟ ගැටී ලබාගත් විශාල අත්දැකීම් සම්භාරයක් තමන් සතු බව සඳහන් කළා.

බුද්ධ කාලයේ පටන් භික්ෂූන් වහන්සේලා එම කාර්යභාරය ඉටුකළ බවත්, උන්වහන්සේලා මෙම ශාසනය ඉතා හොඳින් ආරක්ෂා කරගෙන පැමිණ ඇති බවත් ඥාණසාර හිමි පෙනවා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,

“දැන් මම භික්ෂූන් වහන්සේ නමක් විදිහට අත්දැකීම් මහා සම්භාරයක් තියෙන භික්ෂුවක් විදියට මගෙන් හොයන්නේ එන්න එපා සිල්. මගෙන් අහන්න එන්න එපා මේ අරවා මේවා අභිඥා අරවා මේවා. මගෙන් අහන්න මේ මහ පොළොවේ බුදු සමයට කෙලවන්න එන්න කල්ලි කල්ලි කණ්ඩායම් කොහොමද හැසිරිලා තියෙන්නේ කියලා අපි ඒවත් එක්ක ගැටිලා මහා අත්දැකීම් සම්භාරයක් තියෙනවා. බුද්ධ කාලෙත් හාමුදුරු ඒක කළා. මේ ශාසනය අපි ආරක්ෂා කරන් ඇවිල්ලා බොහොම හොඳට. මීට අවුරුදු 50කට කලින් තිබ්බ ශාසනය නෙවෙයි මේ තියෙන්නේ. අද අපි හාමුදුරුවරු කොච්චර යවල තියෙනවද පිටරටට? කොච්චර ලස්සනට බණ කියනවද? ඕනම සමාජයක මේ වගේ දේවල් ඇති වෙනවා. සාමාන්‍ය දේවල්. වරදක් කරා නම් මම කළත් ඒක කොතනද කවුද පොසිෂන් එක වැඩක් නෑ..ඒක නීතිය බලාගනී. හැබැයි ඒගොල්ලෝ මේ මහා පොළොවට කරලා තියෙන සේවය.”

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron