තවත් නඩුවක බැසිල් සැකකරුවෙක් වෙයි

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, නීතිපති උපදෙස් මත පොදු දේපළ පනත යටතේ සැකකරුවන් නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවය.

මෙම සිද්ධියට අදාළව හිටපු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ සභාපති භාෂ්වර ගුණරත්න සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් ඇතුළු පිරිසක්ද සැකකරුවන් ලෙස නම් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි ස්ථාන වෙත ගියද ඔවුන් එම ස්ථානවල නොසිටි බවය.

සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක්ද පනවන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසට ද නියෝග කළේය.

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතා කර සංචාරක ප්‍රචාරක කටයුතු ලෙස පවසමින් එම මුස්ලිම් ටීෂර්ට් දොළොස් දාහක් මුද්‍රණය කර ඇත්තේ එම ටීෂර්ටයේ එක්පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපකිෂ මහතාගේ පින්තූරය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නම භාවිතා කරමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩ සටහනකට මෙම ටීෂර්ට් බෙදාහැර ඇතැයිද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

Hot this week

ශෂී වීරවංශගේ නඩුව යළිත් කැඳවීමට නියෝග.

අවිධිමත් ගමන් බලපත්‍ර චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ශෂී...

ක්‍රිකට් ක්‍රීඩකයන් නිර්මාණය කිරීමට කාලයක් අවශ්‍යයි

ක්‍රිකට් ක්‍රීඩකයන් සංවර්ධනය කිරීම සඳහා බිම් මට්ටමේ සිට විධිමත්...

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

Topics

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron