කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා අධික කුලී මුදලකට ජනප්‍රිය නිලි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ඩීපීජේ ගොඩනැඟිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී විජයරත්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද (ජුනි 01) පැමිණ තිබේ.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව හා විනිවිදභාවයකින් තොරව රුපියල් මිලියන 1500 කට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් වාර්තාවක්ද නිකුත් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශට අයත් බත්තරමුල්ලේ පිහිටි ගොඩිජන මණ්ඩලය පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කාරක සභා සඳහා ලබාගැනීම හේතුවෙන් ඉවත් වීමට සිදුවීමෙන් පසු යහපාලන ආණ්ඩු සමයේදී මෙම ගොඩනැඟිල්ල කුළී පදනම මත ලබා ගැනීම සිදුවූ අතර ඒ සඳහා වූ පළමු කැබිනට් පත්‍රිකාව එවක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබුණි.


