ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් තීනියාවල පාලිත හිමියන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර ඇත. අදාළ පෙත්සම මගින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා, එම අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව මගින් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජයට පැවරී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන්, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වූ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට සහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම තීරණය බෞද්ධ විනය නීතිවලට මෙන්ම බන්ධනාගාර රෙගුලාසිවලට ද පටහැනි බව සඳහන් කරන තීනියාවල පාලිත හිමියන්, එකී තීරණය සහ ඊට බලකෙරෙන යම් රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක් වේ නම් ඒවාද බලරහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී. මීට අමතරව, පෙත්සම් විභාගය නිමවන තෙක් උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ද පෙත්සම මගින් අපේක්ෂා කෙරේ.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...

ඥානසාරට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මිහින්තලේ හිමිගෙන් දැඩි විවේචනයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව උන්වහන්සේට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron