ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව උන්වහන්සේට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විවේචනාත්මක අදහස් පළ කර තිබෙනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ, අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 160 දෙනෙකු එක්ව බෞද්ධ ශාසනයට අදාළ “අරහත් ධජය” ගලවා දැමූ බවයි.
ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් සංදර්ශනයක් සිදුකර ඇති බවටද ධම්මරතන හිමියන් චෝදනා කළා.
මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ශාසනයට වින කිරීමට උත්සාහ කරන පිරිස් වෙතම එය අවාසනාවන්ත තත්ත්වයක් බවට පත්වනු ඇති බවද උන්වහන්සේ සඳහන් කළා.
චීවරය ඉවත් කර ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සතුටු වුවද, එම සිදුවීම හේතුවෙන් ජාති හා ආගම් භේදයකින් තොරව රටේ ජනතාව කම්පාවට පත්ව සිටින බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.
මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් වත්මන් ආණ්ඩුව ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කරගෙන ඇති බවද වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙලෙස සඳහන් කළා.
“මාලිමා ආණ්ඩුවේ අනුර කුමාර දිසානායක ඇතුළු 160 දෙනෙක් එකතු වෙලා මේ අරහත් ධජය ගැලෙව්වා. අපේ ඟානසාර හාමුදුරුවන්ට ගිහි ඇඳුම් අන්දලා අද අධිකරණයට ගෙනල්ලා සංදර්ශනයක්, චිත්‍රපටයක් පෙන්නලා ශාසනයට වින කරන්න එන අයට මේකෙන් ඒ අයටමයි අණ විනය කිඩිවිනයක් බවට පත්වෙන්නේ. මේ ශාසනයටබත තියලා වර්තමානයේ මේ ආණ්ඩුව ඉතිහාසගත වෙනවා. චීවරය ගැලෙව්වා, ගිහි ඇඳුම් ඇන්දුවා. ඒ අය සතුටු වෙනවා. ඒ අය කීපදෙනෙක් සහුටු වුණාට මුළු ලංකාවේ සෑම සියලු දෙනාම ජාතිඅ භේදයකින් ආගම් භේදයකින් අද කම්පා වෙනවා.මාලිමා ආණ්ඪුව කලු පැල්ලමක් ගාවගත්තා විතරයි.”


