සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් සුරේෂ් සලේ මහතා ඉදිරි නඩු දිනයකදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිලි පාර්ශවය කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දී තිබේ.

සභාපති විනිසුරු නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව ඊයේ යළි විභාගයට ගැනිණි.

එහිදී නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් ‘මුරලි’ යළි සාක්ෂි කූඩුවට කැඳවා තිබූ අතර, ඔහු අධිකරණය හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. ඔහු සඳහන් කළේ මෙම නඩුවේ පළමු විත්තිකරු වන ශම්මි කුමාරරත්න විසින් නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි ලබාදෙන ලෙස තමන්ට අවස්ථා කිහිපයකදීම තර්ජනය කළ බවයි.

මෙම සිව්වන සාක්ෂිකරුගේ සාක්ෂිය යළි ලබා ගැනීම අවශ්‍ය බවට රජය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා කළ ඉල්ලීමට මීට පෙර විත්තිකාර පාර්ශවය දැඩි විරෝධය පළ කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ද ඉදිරිපත් කරමින් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත්, නඩුවකට අදාළව නිකුත් කර ඇති අතුරු නියෝගයක් එලෙස අභියෝගයට ලක් කළ නොහැකි බව පෙන්වා දුන් විනිසුරු මඬුල්ල, විත්තිකරුවන්ගේ විරෝධතා ප්‍රතික්ෂේප කරමින් සාක්ෂිකරු යළි කැඳවීමට මීට පෙර ඒකමතිකව තීරණය කර තිබිණි.

ඊයේ දින නඩුව සඳහා වෙන් කර තිබූ කාල සීමාව අවසන් වීම හේතුවෙන් සාක්ෂියේ ඉතිරි කොටස විභාග කිරීම සඳහා අධිකරණ කටයුතු ලබන 16 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරු මඬුල්ල නියෝග කළේය. තවද, එදිනට සාක්ෂි අංක 53 සහ 98 යන සාක්ෂිකරුවන් කැඳවීම සඳහා නොතීසි නිකුත් කිරීමට ද නියෝග කෙරිණි.

නඩුවේ පසුබිම:
දේශපාලන විශ්ලේෂකයෙකු සහ කාටූන් ශිල්පියෙකු ලෙස කටයුතු කළ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2010 වසරේ ජනවාරි 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයා වන ගිරිතලේ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ෂම්මි අර්ජුන කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන, ලුතිනන් කර්නල් ටී.ඊ.ආර්. පීරිස් ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දස දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ වන විට අධිචෝදනා ගොනු කර ඇත.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...

ඥානසාරට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මිහින්තලේ හිමිගෙන් දැඩි විවේචනයක්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව උන්වහන්සේට...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron