ආයුධ තොගයක් සමඟ මන්ත්‍රී ඥාතියෙකු අත්අඩංගුවට.

මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ ඥාති සොහොයුරෙකු බව කියන චරිත් කනිෂ්ක රාජකරුණා, කිරිඳිවැල පැරණි සිනමාහලක සඟවා තිබූ ගිනිඅවි සහ පතොරොම් තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

පසුගිය 17 වැනිදා කිරිඳිවැල – හංවැල්ල මාර්ගයේ පිහිටි අදාළ සිනමා ශාලාව කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පරීක්ෂා කළ අවස්ථාවේදී මෙම නීතිවිරෝධී ආයුධ තොගය සොයාගෙන ඇත. එහි තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝල 02ක්, රිවෝල්වරයක්, බෝර 12 රිපීටර් ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ තවත් ගිනි අවියක් මෙන්ම ජීව අත්බෝම්බ 02ක් පොලිස් භාරයට ගෙන තිබේ. ඊට අමතරව, විවිධ වර්ගයේ ගිනිඅවි සඳහා යොදාගන්නා ජීව උණ්ඩ 3,800කට අධික ප්‍රමාණයක් ද (බෝර 12 උණ්ඩ 398ක්, බෝර 16 උණ්ඩ 35ක්, මි.මී. 9 උණ්ඩ 278. 32 උණ්ඩ 49ක් සහ පොයින්ට් 22 උණ්ඩ 3,083ක්) එහි සඟවා තිබී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඊයේ (18) බදුල්ලේ පැවති කාන්තා සමුළුවක් අමතමින් විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය. අත්අඩංගුවට ගත් සැකකරු පුද්ගලයන්ට වෙඩි තබන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පවතින බවත්, ඔහු ප්‍රදේශයේ ප්‍රකට පුද්ගලයෙකුගේ ඥාතියෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එසේම, මෙම වසර තුළදී පමණක් ටී-56 ගිනිඅවි 93ක්, පිස්තෝල 141ක් සහ රිවෝල්වර 105ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, අත්අඩංගුවට පත් සැකකරු විසින් මීට පෙර අවස්ථාවකදී ගිනි අවියක් පෙන්වා යාචකයෙකු බිය ගන්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බව වාර්තා වේ.

Hot this week

සහල් වැඩි මිලට විකිණුවොත් ලක්ෂ 5ක දඩ!

රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා...

කාවන්තිස්සට පස්සේ තවත් ඇතුන් 13ක් අවදානමේ

කාවන්තිස්ස ඇතාගේ මරණයෙන් පසුව මෙරට දැඩි අවදානමකට මුහුණ දී...

ගෝඨාගේ රට යෑමේ මෝෂම ප්‍රතික්ෂේපයි, ප්‍රතිකාර ගැන මානුෂීයව බලන බව කියයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ සුරේෂ්...

ක්‍රිකට් රැකගන්න නව පනතක් ගෙනාවා

තමන් ක්‍රීඩා අමාත්‍ය ධුරයේ සිටින තාක්කල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්...

ට්‍රම්ප් පාලනය යටතේ අමෙරිකානු වීසා 300,000ක් අවලංගු කෙරේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ එරට...

Topics

A9 මාර්ගයේ කොටසක් තාවකාලිකව වසා දමයි

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ, කුරුගොඩ 07 කණුව...

තිරිඟු පිටි මිල වැඩිවෙයි!

දිවයින පුරා වහාම ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක...

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරෙන්තු

අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron