හිටපු අමාත්ය ප්රසන්න රණතුංග මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනා සම්බන්ධ නඩුව ලබන ජනවාරි මස 26 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
මෙම නඩුකරය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවනු ලැබූ අතර, දැනට ඇප මත මුදාහැර සිටින සැකකාර හිටපු අමාත්ය ප්රසන්න රණතුංග මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවල වත්මන් ප්රගතිය දැක්වෙන වාර්තාවක් ජනවාරි 26 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නියෝග කළේය.
ප්රසන්න රණතුංග මහතා සංචාරක අමාත්යවරයා ලෙස කටයුතු කළ සමයේදී, ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන හතරක සේවකයින්ට රක්ෂණාවරණ ලබාදීමේ ක්රියාවලියේදී රජයට මූල්යමය වශයෙන් පාඩුවක් සිදුකළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම මඟින් හිටපු අමාත්යවරයාව මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


