ශ්රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධති සයිබර් ප්රහාරයකට ලක්ව ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්ය බව එම ගුවන් සමාගම නිවේදනය කරයි. පද්ධති හැකර්වරුන්ගේ ග්රහණයට පත්ව ඇති බවට පැතිර යන සියලු ප්රචාර ඔවුන් තරයේ ප්රතික්ෂේප කර සිටී.
පසුගිය ජූනි 29 වන දින මෙයට අදාළ යම් සිදුවීමක් වාර්තා වූ වහාම, සමාගම විසින් පුළුල් තාක්ෂණික විමර්ශනයක් සහ පූර්වාරක්ෂක පියවරයන් කඩිනමින් ක්රියාත්මක කර ඇත. එම තාක්ෂණික ඇගයීම්වලට අනුව තහවුරු වී ඇත්තේ ගුවන් සේවයේ අභ්යන්තර තොරතුරු පද්ධතිවලට හෝ මෙහෙයුම් ජාලයට කිසිදු අනවසර පිවිසීමක්, දත්ත සොරකම් කිරීමක් හෝ හානියක් සිදුවී නොමැති බවයි.
එමෙන්ම කිසිදු පාර්ශ්වයක් විසින් බිට්කොයින්, අමෙරිකානු ඩොලර් හෝ වෙනත් කිසිදු ක්රමයක් හරහා කප්පම් මුදලක් ඉල්ලා නොමැති අතර, එවැනි මුදල් ගෙවීමක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක්ද පවත්වා නොමැත. මෙම තත්ත්වය හමුවේ වුවද, ආයතනයේ විද්යුත් තැපැල් පද්ධතිය ඇතුළු සියලුම සේවාවන් සහ ගුවන් මෙහෙයුම් කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සාමාන්ය පරිදි ක්රියාත්මක වූ බව ශ්රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් අවධාරණය කරයි.


