හෝමූස් සමුද්‍ර සන්ධිය යළි කිසි දිනෙක ඇමරිකාවට සහ ඊශ්‍රායලයට විවෘත වන්නේ නැහැ – ඉරානය දැඩි තීන්දුවක

රාන විප්ලවීය ආරක්ෂක බලකාය ඒ බව සඳහන් කළේ, නිවේදනයක් නිකුත් කරමිනි.

හෝමූස් හරහා යාත්‍රා කෙරෙන නෞකාවලින් ප්‍රවාහන ගාස්තු අය කිරීම සඳහා නව නීති කෙටුම්පත් කිරීමට පසුගියදා ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ බවට තොරතුරු වාර්තා විය.

අදාළ කෙටුම්පතට අනුව ඉරානයේ රියාල් මුදල් ඒකකයෙන් අදාළ ගාස්තු ගෙවිය යුතු බවත්, ඉරානයට සම්බාධක පනවා ඇති රටවල නාවික ගමනගාමනය සීමා කෙරෙන බවත්, ඇමරිකාවට සහ ඊශ්‍රායලයට හෝමූස් හරහා ගමනාගමනය තහනම් කෙරෙන බවත්, විදෙස් වාර්තාවල සදහන්.

හෝමූස් සමුද්‍ර සන්ධියේ අනෙක් සීමාවේ පිහිටි ඕමානය සමග සම්බන්ධීකරණය වී, එය පාලනය කිරීමට ඉරානය රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බවටත් වාර්තා පළවිය.

ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව, පසුගිය පැය 24 තුළ ඉරාන රජයේ අවසරය සහිතව වෙළෙඳ නෞකා 15ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කොට තිබේ.

කෙසේ නමුත් එය පෙබරවාරි 28 වැනිදාට පෙර පැවති නාවික ගමනාගමනයට සාපේක්ෂව සියයට 90ක පහළයාමකි.

මෙම තත්ත්වය වාර්තා වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඇමරිකාව ඉරානයට නව කාල සීමාවක් ලබාදී ඇති පසුබිමකයි.

ඊයේ (05) රාත්‍රියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ටෘත් සෝෂල් සටහනක් තබමින් සඳහන් කළේ,, අඟහරුවාදා වන විට ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත්, ඉරානයේ සියලුම විදුලි බලාගාර සහ පාලම විනාශ කර දමන බවයි.

ඉරානයට ඊට අවනත නොවුනහොත් ඔවුන් නිරයක ජීවත් වනු ඇතැයි, ඉතාම ප්‍රබල පරුෂ වචන භාවිත කරමින් ට්‍රම්ප් අනතුරු ඇඟවිය.

ඊට පැය කිහිපයකට පසු “අඟහරුවාදා රාත්‍රී 8” ලෙස සඳහන් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ටෘත් සෝෂල් පණිවුඩයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නව කාල සීමාව මෙරට වේලාවෙන් බදාදා උදෑසන 6.30ට අවසන් වේ.

මීට පෙර ඔහු ලබාදුන් දින 10ක කාල සීමාව අවසන් වීමට නියමිත ඇත්තේ, මෙරට වේලාවෙන් හෙට (07) අලුයමයි.

එය සිහිපත් කරමින් අප්‍රේල් 4 වැනිදා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානයට ඉතිරිව ඇත්තේ තවත් පැය 48ක කාලයක් පමණක් බව සඳහන් කරමින් තවත් ටෘත් සෝෂල් පණිවුඩයක් නිකුත් කළේ ය.

ඊයේ රාත්‍රියේ ඔහු තවත් පණිවුඩයක් නිකුත් කොට නව කාල සීමාවක් පනවා ඇත්තේ එවැනි පසුබිමකයි..

ෆොක්ස් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉරානය ඇමරිකාව සමඟ ගිවිසුමක් ඇති කර නොගන්නේ නම්, වහාම සියල්ල පුපුරවා හැර ඉරානයේ බොරතෙල් අත්පත් කර ගැනීම පිළිබඳව තමන් සලකා බලන බවයි.

ට්‍රම්ප්ගේ තර්ජන සම්බන්ධයෙන් ඉරානයද අදහස් පළකර ඇත.

ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගායි පවසන්නේ ට්‍රම්ප්ගේ තර්ජන ‘යුද අපරාධ සඳහා පෙළඹවීමක්’ ලෙස හැඳින්විය හැකි බවයි.

එම තර්ජනවලින් ඔහුගේ “අපරාධකාරී මානසිකත්වය” පිළිබඳව හැඟී යන බවට ඔහු සඳහන් කළේ ය.

රොයිටර් සමග සාකච්ඡාවකට එක්වෙමින් එස්මයිල් බගායි සඳහන් කළේ, රටක තීරණාත්මක සිවිල් යටිතල පහසුකම් සහ බලශක්ති අංශයට පහර දෙන බවට තර්ජනය කිරීම, හරහා මුළු ජනගහනයම අවදානමට ලක් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවශ්‍ය බව පෙනී යන බවයි.

එම තර්ජන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට සමාන බවටත් ඔහු චෝදනා කළේ ය.

මේ අතර ඉරාන කතානායක මොහොමඩ් කලිබාෆ් සඳහන් කළේ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අණ පිළිපදිමින් මුළු කලාපයම අවුලුවාලන බවයි.

ට්‍රම්ප්ගේ නොසැලකිළිමත් පියවර හේතුවෙන්, ඇමරිකානු ජනතාව ජීවමාන නිරයකට ඇද දමන බවටත් ඉරාන කතානායකවරයා සඳහන් කළේ ය.

මේ අතර යුද්ධය ආරම්භයේ සිට ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ රටවලට ප්‍රහාර 6,500කට වඩා එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

ඇමරිකානු හමුදා ඉලක්කවලට අමතරව ඉරානය ගල්ෆ් රටවල සිවිල් ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට පහරදීම සම්බන්ධයෙන් එම රටවල්වලින් එල්ල වන්නේ ප්‍රබල විරෝධයකි.

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයට බහරේනය, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ඇතුළත්. 

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron