ලංකාවට වන්දි ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම ප්‍රතික්ෂේප කරයි

2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දිය ගෙවීම X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ජූලි මස 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට මෙම ගෙවීම කරන ලෙස නියෝග කර තිබුණි.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් ය.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී තිබුණි.

Hot this week

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට...

අර්ජුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සමේ විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්...

නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලපෑම් නෑ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක්...

නාමල් සිරකරන්න ආණ්ඩුව විමර්ශන වාර්තා සඟවනවා!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති විභාගය සම්පූර්ණ...

Topics

රාජපක්ෂ පවුලේ සියල්ලන්ම වංචාවලට සම්බන්ධයි – එරංග ගුණසේකර

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් රට බේරා ගැනීමට නොව අල්ලස් හා...

ශිරන්තිගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි.

අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු...

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හදිසියේම රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron