ඊශ්‍රායලයේ තත්ත්වය තවදුරටත් උත්සන්න වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට විශේෂ උපදෙස් මාලාවක්

දකුණු ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය සහ ඉරානය විසින් එල්ල කරනු ලබන දැවැන්ත ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය අතිශය උත්සන්න වී ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ අද (27) පෙරවරු 06:00 ට නිකුත් කරන ලද නවතම වාර්තා අනුව, ගතවූ පැය 24 තුළ උතුරු ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් හිස්බුල්ලා සංවිධානය විසින් රොකට්, මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 90 කට අධික සංඛ්‍යාවක් එල්ල කර කර ඇති බවයි. මෙය මෑත සති කිහිපය තුළ වාර්තා වූ දරුණුතම ප්‍රහාරාත්මක තත්ත්වය ලෙස සැලකේ.

ඉරානය විසින් ද ඊශ්‍රායලයේ විවිධ ප්‍රදේශ වෙත අඛණ්ඩව මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මේ හේතුවෙන් එරට වැසියන්ට දිනයේ වැඩි කාලයක් ආරක්ෂිත බංකර් තුළ රැඳී සිටීමට සිදුවී ඇත. කෙසේ වෙතත්, ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙමින් එම ප්‍රහාර බොහොමයක් සාර්ථකව මැඩපවත්වා ඇති බව වාර්තා වේ.

තානාපති කාර්යාල නිවේදනය

ඊශ්‍රායලයේ ආරක්ෂක තත්තත්වය පිළිබඳව සාරාංශය

දකුණු ලෙබනනයේ ස්ථාපිත හිස්බුල්ලා සංවිධානය සහ ඉරානය විසින් සිදුකරනු ලබන අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් පසුගිය පැය 24 තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උත්සන්න වී තිබේ.

හිස්බුල්ලා (උතුරු පෙරමුණ):

උතුරු ඊශ්‍රායලය සහ දේශසීමා ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් හිස්බුල්ලා සංවිධානය සැලකිය යුතු ප්‍රහාර සංඛ්‍යාවක් සිදු කර ඇත. ආරක්ෂක වාර්තා අනුව මහා පරිමාණ රොකට්, ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර 90 කට වඩා පසුගිය පැය 24 තුළ එල්ල කොට තිබේ මෙය මෑත සතිවලදී සිදුවූ සංඛ්‍යාත්මකව වඩාත්ම තීව්‍ර කාල පරිච්ඡේදයක් සදහන් කල හැක.

ඉරානය

ඉරානය ඊශ්‍රායලයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර ගණනාවක් අඛණ්ඩව සිදු කර ඇත. මෙම ප්‍රහාර දිවා රෑ පුරා වරින් වර සිදු කරන ලද බොහෝ දෙනෙකු දිනයේ වැඩි කාලයක් ආරක්ෂක නිවස්නවල රැකවරණය ලබා ගන්න ලදී.

ඊශ්‍රායලයේ ආරක්ෂක හමුදා ඉතා ඉහළ ආරක්ෂක පතික්රියා දක්වන අතර ගුවන් මිසයිල් ආරක්ෂක පද්ධති විසින් එල්ල කරන ලද බොහෝ ප්‍රහාර සක්‍රීයව වළක්වන ලදී.

ඉරානය හා හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ප්‍රහාර පිළිබඳව ඊශ්‍රායලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට අවදියෙන් සිටින ලෙසත්, ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන් විසින් නිකුත් කරන ලද උපදෙස් පිළිපදින ලෙසත්, සයිරන් හඬ ඇසුණු වහාම නවාතැන් ගන්නා ලෙසත් දැඩි ලෙස උපදෙස් දෙනු ලැබේ.

ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය:

පසුගිය දින ගණනාවක් තුළ එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවලින් දිමෝනා ප්‍රදේශයේ තමන් පදිංචි නිවාසවලට හානි වූ ශ්‍රී ලාංකිකයන් 12 දෙනෙකුට ඊශ්‍රායිල් ආරක්ෂක අංශ විසින් කෙටිකාලීනව හෝටල්වල නවාතැන් පහසුකම් ලබා දී තිබේ.

හදිසි අවශ්‍යතා හා නිවාඩු ගත කිරීමට ශ්‍රී ලංකාව බලා ගමන් කරන පිරිසට ඊශ්‍රායිල් හා ඊජිප්තුව යා කරන Taba දේශසීමාව හරහා කයිරෝ ගුවන් තොටුපල වෙත ගොස් කොළඹ බලා යාමට තානාපති කාර්යාලය කයිරෝ පිහිටි තානාපති කාර්යාලය සමඟ එක්ව පහසුකම් සලසා ඇත. පවතින යුද්ධය ආරම්භ වූ දින පටන් මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු මෙම දේශසීමාව හරහා ශ්‍රී ලංකාවට පිටත්ව ගොස් ඇති අතර මාර්තු මස 31 වැනි දින තවත් ශ්‍රී ලාංකිකයන් 14 දෙනෙකු මෙම දේශසීමාව හරහා ගොස් ශ්‍රී ලංකාවට යාමට නියමිතය.

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට අපේක්ෂා කරන පිරිස තානාපති කාර්යාලයට පැමිණ තම ගමන් බලපත්‍රයේ, වීසා, බලපත්‍රයේ හා නැවත පැමිණීමේ RE-ENTRY බලපත්‍රයේ පිටපතක් ලබා දීමෙන් ලියාපදිංචි විය හැක. කිලෝමීටර් 360 පමණ දීර්ඝ මෙම ගමන් මාර්ගය අනාරක්ෂිත බැවින් සාම අවස්ථාවකම කණ්ඩායමක් ලෙස ගමන් කරන මෙන් උපදෙස් දෙනු ලැබේ.

ජෝර්දාන- ඊශ්රායිල් දේශසීමා හරහා ගමන් කිරීම රටවල් දෙක හරහා ගමන් කිරීමට දේශසීමා තුනක් තිබෙන අතර ඒ සඳහ යාමට හා ඒමට ජෝර්දාන් විසා බලපත් ලබා ගත යුතුය. 5 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් සඳහා සංචාරක සමාගම් හරහා විසා ලබා ගත හැක.

ඊශ්‍රායිල් ජාතිකයන්ගේ සංස්කෘතික උත්සවයක් වූ Passover සාමය වෙනුවෙන් මාර්තු මස 29 සිට අප්‍රේල් මස 9 දක්වා කාර්යාල වසා තැබේ. එම නිසා REENTRY විසා අපේක්ෂා කරන පිරිසට ඒවා ලබා ගැනීමට මෙම කාලය අවසන් වනතුරු සිටිය යුතුය.

ගුවන් ගමන්වල පවතින ඌනතාවය හා ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත අයදුම් කර ඇති ගමන් බලපත්‍ර ලැබීමේ ප්‍රමාදයක් ද සිදුවිය හැක.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය – ඊශ්‍රායලය

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron