හිටපු ජනපති මහින්ද හෙට අල්ලස් කොමිසම හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (12) දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

ඒ අනුව හෙට දින උදෑසන 9.00ට අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා පෙනී සිටිනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් යම් යම් නීතිමය කරුණු සම්බන්ධව සාකච්ඡා කළ යුතු බවත් ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන නීතීඥ කණ්ඩායමක් හමුවේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබා දුන් පාපොච්චාරණයක් උපයෝගි කරගනිමින් හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් කර ඇති නමුත් ඔහු ලබා දුන් පාපොච්චාරණය ඔහුට තර්ජනය කර බලෙන් ලබා ගැනීමක් බවට ඔහු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දී ඇති බවත් පැවසූ ඒ මහතා එම කරුණු පදනම් කරගනිමින් මෙම කැඳවීම සිදුකරන්නේ නම් එය බරපතළ තත්ත්වයක් බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

අදාළ සිදුවීම සම්බන්ධව මේ වන විටත් අධිකරණයට කරුණු යොමු කර ඇති බවත් එසේ තිබියදී මෙම නීතිවිරෝධී පාපොච්චාරණය මත අදාළ කැඳවීම සිදු කරන්නේ නම් එම කැඳවීම සම්බන්ධව අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

“දැනට අපි තීරණය කරලා තියෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන්ම පැමිණෙන්න. මොකද එතුමා කවදාවත් ප්‍රශ්නවලින් පලා යන කෙනෙක් නෙමෙයි. නමුත් යම් යම් නීතිමය කාරණා තියෙනවා අපි සලකා බැලිය යුතු. ඒ සම්බන්ධව අද හවස පැවැත්වෙන සාකච්ඡාවේදී නීතිඥ කණ්ඩායමක් විසින් කරුණු සලකා බලනවා. නමුත් අපේ දැනට තීරණයේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ අනුව එතුමා හෙට සහභාගී වෙන්න නියමිතව සිටිනවා…. අපි දන්නවා පැහැදිළිව අධ්‍යක්ෂක ජනරාල්වරයාට නමින් චෝදනා කරලා තියෙනවා මියගිය කපිල චන්ද්‍රෙස්න මහත්මයා. එවැනි තත්ත්වයක් තිබියදී එම පාපොච්චාරණය පදනම් කරගෙන නම් මේ ප්‍රකාශය ගන්න නියමිත වෙලා තියෙන්නේ එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කටයුත්තක් විදිහට තමයි අපි දකින්නේ. මොකද දැනටමත් එම ප්‍රකාශය බලෙන්, බලහත්කාරයෙන්, තර්ජනය කරලා ලබා ගත්ත ප්‍රකාශයක් කියලා කපිල චන්ද්‍රසේන මහත්මයා අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙන්නේ.”

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron