ශානිව 2020 සිට, ඩීඅයිජී කරන්න නියෝග!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය විසින් අද ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර ඇත.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීමකට අදාළව ලබාදුන් මෙම තීන්දුව, දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය නිලධාරියෙකුට නැවත යුක්තිය ඉටුවීමක් ලෙස දෙස් විදෙස් මාධ්‍ය රැසක අවධානය දිනාගෙන තිබේ.

ශානි අබේසේකර යනු ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ සිදුවූ දැවැන්තම සහ සංකීර්ණතම අපරාධ පරීක්ෂණ රැසක් මෙහෙයවූ, අතිශය දක්ෂ සහ කීර්තිමත් පොලිස් නිලධාරියෙකි. රෝයල් පාක් ඝාතනය, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම වැනි ප්‍රමුඛ පෙළේ නඩු රැසක විමර්ශන මෙහෙයවූයේ ඔහු විසිනි.

2019 වසරේ සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟම ශානි අබේසේකර මහතාට දැඩි බලපෑම් එල්ල විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වී කෙටි කලකින්ම, එනම් 2019 නොවැම්බර් මාසයේදී, ඔහුව CID අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස පහත් කිරීමකට ලක් කරමින් ස්ථාන මාරු කරන ලදී.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට මරණ දඬුවම නියම වූ මොහොමඩ් ෂියාම් ඝාතන නඩුවට අදාළව බොරු සාක්ෂි නිර්මාණය කළේ යැයි චෝදනා කරමින් 2020 ජූලි මාසයේදී අබේසේකර මහතාව අත්අඩංගුවට ගැණිනි. ඉන් අනතුරුව මාස 11ක් වැනි දීර්ඝ කාලයක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කර තැබූ අතර, පසුව අභියාචනාධිකරණය මගින් ඇප මත මුදා හරින ලදී.

අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ වැඩ තහනම් කළ අතර, නියමිත වයස සම්පූර්ණ වී ඔහු විශ්‍රාම ගියද ඔහුට හිමිවිය යුතු විශ්‍රාම වැටුප පවා අත්හිටුවීමට එවකට බලධාරීන් කටයුතු කළේය. එසේම, ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරීන්ට නියෝජ්‍ය පොලිස්පති තනතුරු ලබා දෙද්දී, හිතාමතාම ඔහුගේ උසස්වීම් අහිමි කරන ලදී.

ඔහුව 2024 දී 3/2018 චක්‍රලේඛයේ ප්‍රතිපාදන අනුව යළි සේවයේ පිහිටවීමට තීන්දු කරන ලදී. පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී. කෙසේ වෙතත් නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් වීමෙන් පසු ඔහු එම තනතුරෙන් උසස්වීම් ලැබීමට නියමිතය.

තමන්ට එරෙහිව සිදුවූ මෙම අසාධාරණයට එරෙහිව ශානි අබේසේකර මහතා දිගින් දිගටම නීතිමය සටනක නිරත විය. තමන්ට හිමිවිය යුතු නියෝජ්‍ය පොලිස්පති උසස්වීම ලබා නොදීමට එරෙහිව ඔහු පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට පැමිණිලි කළේය.

ඔහුගේ කණ්ඩායමේ අනෙකුත් නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලැබූ 2020 අගෝස්තු 25 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඔහුටද එම උසස්වීම ලබා දීමට ඒ අනුව නියෝග කර ඇත. වැඩ තහනමට ලක්වූ දින සිට මේ දක්වා ඔහුට අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවීමට ඒ අනුව තීන්දු ලබා දී තිබේ.

අත්හිටුවා තිබූ ඔහුගේ විශ්‍රාම වැටුප් වරප්‍රසාද වහාම ක්‍රියාත්මක වන පරිදි යළි ලබා දෙනු ඇත.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron