ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වැටුප් ලබාගැනීමේ සිද්ධියකට අදාළව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සහ නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන 23 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අද (9) මෙම නියෝගය නිකුත් කරන ලදී.
අධිකරණයේදී සැකකරුට ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් නොවූ බැවින් මෙම නියෝගය ලබා දී ඇති අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම්වලින් අනතුරුව මෙම තීරණයට එළඹ ඇත. ලැබී ඇති පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරන බවද එම කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේය.


