කෘෂි නිෂ්පාදන අගය නංවමින් ගොවි ආදායම සරු කරන නවතම වැඩපිළිවෙළ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP), දේශීය කෘෂි නිෂ්පාදනවල පෝෂණය හා ගොවි ආදායම ඉහළ නැංවීමේ අරමුණින් විශේෂ දැනුවත් කිරීමේ සහ ප්‍රායෝගික පුහුණු වැඩසටහන් මාලාවක් මේ දිනවල ක්‍රියාත්මක කරයි.

කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ වන්නේ දේශීයව නිෂ්පාදනය වන පෝෂ්‍යදායී කෘෂි ද්‍රව්‍යවලට අගය එකතු කිරීම මඟින්, ගෘහස්ථ පෝෂණ මට්ටම ඉහළ නැංවීම, ආහාර නාස්තිය අවම කිරීම සහ ගොවි පවුල්වල ආදායම් මාර්ග පුළුල් කිරීමයි.

කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ දැමීම පමණක් පවුලක පෝෂණය සුරක්ෂිත කිරීමට ප්‍රමාණවත් නොවන බවත්, වසර පුරා දේශීයව ලබාගත හැකි පෝෂ්‍යදායී ආහාර නිසි ලෙස පරිභෝජනය කිරීමේ සහ කල් තබාගැනීමේ වැදගත්කමත් මෙම වැඩපිළිවෙළ තුළින් අවධාරණය කෙරේ. ඒ අනුව, කෘෂි නිෂ්පාදන සැකසීම, සංරක්ෂණය සහ පසු අස්වනු හානිය අවම කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇත.

මෙම SARP ව්‍යාපෘතිය යටතේ හඳුන්වා දෙනු ලබන අගය එකතු කළ නිෂ්පාදන පෙළට පහත දැක්වෙන ඒවා ඇතුළත් වේ.

  • පලතුරු ආශ්‍රිතව: වියළි පලතුරු, පලතුරු යුෂ, ජෑම් සහ සෝස් වර්ග.
  • එළවළු සහ පලා වර්ග: වියළි නිෂ්පාදන, අච්චාරු සහ සෝස් වර්ග.
  • ධාන්‍ය හා රනිල බෝග: පෝෂ්‍යදායී, අඩු කැලරි කෙටි ආහාර, පිටි මිශ්‍රණ, කැඳ මිශ්‍රණ සහ ක්ෂණික (Instant) ආහාර.
  • තෙල් සහිත ඇට සහ බීජ (රටකජු, තල): බටර්, ටොෆී, සෝස්, අඩු කැලරි රසකැවිලි.
  • බිම්මල්: අච්චාරු, පේස්ට්, සෝස් සහ වෙනත් නිෂ්පාදන.
  • කිරි නිෂ්පාදන: යෝගට් සහ මුදවපු කිරි.
  • කුළුබඩු: සෝස් වර්ග, කුළුබඩු මිශ්‍රණ, පේස්ට් වර්ග සහ සෞඛ්‍යයට හිතකර සීසනින් කියුබ් (Seasoning cubes)

ගොවීන්, ග්‍රාමීය කාන්තාවන් සහ ප්‍රජා කණ්ඩායම් ඉලක්ක කරගනිමින් පවත්වනු ලබන මෙම වැඩසටහන් මාලාව හරහා, පෝෂණයට සංවේදී ආහාර සැකසීම, ආහාර සංරක්ෂණය, ආහාර සුරක්ෂිතතාව සහ සුපිරිසිදුකම පිළිබඳ ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබා දීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව, නිසි ඇසුරුම්කරණය (Packaging), ලේබල් කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ දැනුවත් කිරීම හරහා නිෂ්පාදනවල වෙළෙඳපොළ ආකර්ෂණය, ගුණාත්මකභාවය සහ කල් තබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ද අපේක්ෂා කෙරේ.

මෙම පුළුල් වැඩපිළිවෙළ මඟින් දේශීය සම්පත් උපයෝගී කරගනිමින් පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම සහ ආහාර විවිධත්වය වැඩිදියුණු කිරීම සිදු කෙරේ. එමෙන්ම, ග්‍රාමීය මට්ටමින් නව කුඩා පරිමාණ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කරමින් ගොවි ජනතාවගේ, විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමට මඟපෑදේ.

මෙම වැඩසටහන සහ තාක්ෂණික උපදෙස් ලබාගැනීමට කැමැත්තක් දක්වන ගොවීන් සහ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට, කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

දුරකථන අංකය: 011 2770986

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron