නාමල් රාජපක්ෂ අධිකරණයට , කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කරයි.

එයාර්බස් ගුවන් යානා ගනුදෙනුවට අදාළව සිදුවූ බව කියන මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වීම හේතුවෙන් අධිකරණ භූමිය සහ ඒ අවට ප්‍රදේශවල සාමකාමී තත්ත්වය පවත්වාගෙන යාම සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම නව නඩුව ගොනු කර තිබේ. මෙම නඩුවට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා නාමල් රාජපක්ෂ මහතා මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබීය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලබාගැනීමේ චෝදනා මත ඉකුත් සැප්තැම්බර් 04 වනදා නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගත් අතර, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු දැනටමත් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.

විමර්ශකයන් සඳහන් කරන්නේ 2014 සහ 2015 වසරවලදී සිදුවූ එයාර්බස් ගනුදෙනුවට අදාළ ඇමරිකානු ඩොලර් මිලියන 8ක අල්ලස් මුදලක කොටසක් ලෙස, ව්‍යාපාරිකයෙකු හරහා අවස්ථා කිහිපයකදී රුපියල් මිලියන 100ක මුදලක් නාමල් රාජපක්ෂ මහතා ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි. එයාර්බස් සමාගමේ නිලධාරීන්ගෙන් ලබාගත් ප්‍රකාශ, අදාළ ලේඛන සහ සාක්ෂි පදනම් කරගනිමින් මෙම විමර්ශන සිදු කර තිබේ.

මේ අතර, අදාළ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳට එරෙහිවද විමර්ශන සහ නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් ක්‍රියාත්මක වේ.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron