පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් විභාග වූ නඩු කටයුත්ත ඊයේ (22) රාත්රියේ අවසන් වූ අතර, එහිදී විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරමින් ඔවුන්ට බරපතළ වැඩ සහිත දීර්ඝ කාලීන සිර දඬුවම් නියම කිරීමට අධිකරණය පියවර ගත්තේය.
මෙම ඓතිහාසික නඩු තීන්දුවට අනුව, එක් විත්තිකරුවෙකුට වසර 260ක උපරිම බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම වී ඇති අතර, තවත් සිව් දෙනෙකුට වසර 240 බැගින් සිර දඬුවම් නියම විය. වසර 260ක සිර දඬුවම් නියම වූයේ අබ්දුල් මනාෆ් මොහොමඩ් පිරිදවුස් නමැත්තාටය. වසර 240 බැගින් දඬුවම් නියම වූයේ මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක්), හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා), මොහොමදු ඊබ්රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්) සහ මොහොමද් ඊබ්රහිම් අබ්දුල් හක් (අබූ ෆලා) යන සිව්දෙනාටයි.
නවුෆර් මවුලවි හෙවත් මොහොමදු ඊබ්රහිම් මොහොමදු නව්ෆර් ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට වසර 220 බැගින් සිර දඬුවම් නියම කෙරිණි. මොහොමඩ් රමිෂ් මොහොමඩ් සාරික්, සාෆි මවුලවි (අබූ ෆුර්කාන්), මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් සහ රසික් රාසා හුසේන් සෙසු සිව්දෙනා වේ.
මීට අමතරව, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්), මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබු මිසාන්), හුසේනූල් රිස්වි කාලිද් සමීර්, මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා) සහ කච්චි මොහොමඩ් ජෙස්මින් යන විත්තිකරුවන් පස් දෙනාට වසර 200 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ.
මේ අතර, අදාළ චෝදනාවලට ලක්ව සිටි විත්තිකරුවන් 09 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කළේය. මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන්, මොහොමඩ් ඉෆ්තිකාර් මොහොමඩ් ඉන්සාෆ්, රෂීඩ් මොහොමඩ් ඉබ්රහිම්, සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්, මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්, මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි, මොහොමඩ් අමීන් අයන්තුල්ලා, මොහොමඩ් අන්සාර් දීන් හිල්මි සහ මොහොමඩ් අක්රම් අහක්කම් එලෙස නිදහස් වූ පිරිසයි.
එසේම, නඩුවට අදාළව සිටි විත්තිකරුවෙකු වන යාසින් බාවා අබ්දුල් රාවුෆ් මේ වන විට මියගොස් ඇති බවද අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය.


