නායයෑමේ අධි අවදානම් කලාපයක වසර 13ක පමණ දීර්ඝ කාලයක් තිස්සේ අවධානම් සහිතව දිවි ගෙවූ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම, අලගොල්ල වතුයායේ පවුල් 51ක් සඳහා සුරක්ෂිත නව නිවාස ඉදිකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ 4 වැනි අදියර යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ඉන්දීය රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහනේදී ඉදිකිරීමට නියමිත නිවාස 10,000න් නිවාස 51ක් අලගොල්ල ප්‍රදේශයේ ජනතාව උදෙසා වෙන්කර තිබේ.
මෙහිදී එක් නිවසක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 32ක පමණ මුදලක් වැය කිරීමට නියමිත අතර, ඉදිකිරීම් ආරම්භ කිරීම සනිටුහන් කෙරෙන මුල්ගල තැබීමේ උත්සවය හෙට (සැප්තැම්බර් 29) පෙරවරු 9.00ට අලගොල්ලේදී පැවැත්වේ.
මෙම ව්‍යාපෘතිය නිමවීමත් සමඟ දීර්ඝ කාලයක් තිස්සේ නායයෑම් තර්ජනයට ලක්ව සිටි ජනතාවට සුරක්ෂිත හා ස්ථිර නිවාස හිමිකම හිමිවනු ඇත.


