කොළඹ වරායේ මත්ද්‍රව්‍ය කන්ටේනර් තොරතුර යට ගැහුවද?

කොළඹ වරායේ CICT පර්යන්තයේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී පොලිස් නිලධාරීන් අතින් සිදුවූ බව කියන බරපතළ පැහැර හැරීම් සහ මන්දගාමී පිළිවෙත පිළිබඳව විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී ඇත.

පසුගිය අගෝස්තු 31 වැනිදා කොළඹ වරායේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ තොරතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබී ඇත්තේ අගෝස්තු 14 වැනිදා බවයි. උන්වහන්සේ එදිනම ඒ පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය PNB දැනුවත් කර තිබුණි. කෙසේ වෙතත්, එම තොරතුර මත පදනම්ව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් නිසි සහ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බව නිරීක්ෂණය වීම හේතුවෙන්, පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එම අභ්‍යන්තර පරීක්ෂණයේ අතුරු වාර්තාව මඟින් හෙළි වී ඇත්තේ අදාළ තොරතුර සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී නිලධාරීන් බරපතළ ලෙස රාජකාරිය පැහැර හැර ඇති බවයි. එමෙන්ම, මෙම සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයකට අමතරව අපරාධ විමර්ශනයක් ද පැවැත්විය යුතු බවට අදාළ වාර්තාව නිර්දේශ කර ඇත.

මේ අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතාට ද අගෝස්තු 22 වැනිදා පෞද්ගලික තොරතුරුකරුවෙකුගෙන් තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව, එම කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් අගෝස්තු 31 වැනිදා කොළඹ වරායට ගොස් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමඟ එක්ව අදාළ කන්ටේනරය පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත්තේ ඉන් අනතුරුව බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව, මෙම මත්ද්‍රව්‍ය වැටලීමේ ප්‍රධාන භූමිකාව ඉටුකර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය බව පොලිසිය අවධාරණය කරයි.

මුල් තොරතුර ලැබුණු අවස්ථාවේදී අදාළ නිලධාරීන් යම් පාර්ශ්වයකට වාසි සැලසීමේ අරමුණින් හිතාමතාම මෙලෙස රාජකාරිය පැහැර හැරියේද යන්නත්, ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබේද යන්නත් නීතිමය වශයෙන් තහවුරු කරගැනීම සඳහා CID විමර්ශන දැනට ක්‍රියාත්මක වේ.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron