සන්ධ්‍යාට එල්ල වන වෛරී ප්‍රචාරවලට දැඩි විරෝධය.

ඥානසාර හිමි යළි සිරගත කිරීමෙන් පසු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට එරෙහිව ක්‍රියාත්මක වන වෛරී ප්‍රචාර ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන විසින් ඒකාබද්ධ නිවේදනයක් මගින් දැඩිව හෙළා දැක තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සන්ධානය සහ දකුණු ආසියානු කාන්තා මාධ්‍යවේදීන්ගේ ශ්‍රී ලංකා පාර්ශ්වය යන සංවිධාන එක්ව මෙම නිවේදනය නිකුත් කර තිබේ.

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට එරෙහිව මාධ්‍ය අවකාශයන් අවභාවිත කරමින් ගෙන යන මෙවැනි ප්‍රචාර හේතුවෙන් ඇයගේ පෞද්ගලික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව අදාළ නිවේදනයේ දැක්වේ. එපමණක් නොව, රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින වෛරී දේශපාලන සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් වීමට සහ යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැගීමට ද මෙය දැඩි බාධාවක් බව මාධ්‍ය සංවිධාන පෙන්වා දෙයි

2018 වසරේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවට අදාළව සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස බලපෑම් කිරීමේ චෝදනාව මත ඥානසාර හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනුණු බව අදාළ නිවේදනයේ සිහිපත් කර ඇත. එදා එම සිදුවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පැමිණිල්ල යොමු කරනු ලැබුවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් වන අතර, එහිදී අගතියට පත් පාර්ශ්වය ලෙස සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කටයුතු කළාය.

2018 අගෝස්තු මාසයේදී ඥානසාර හිමියන්ට වසර හයක සිරදඬුවමක් නියම වූ අතර, 2019 දී ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස් කෙරිණි. කෙසේ වෙතත්, මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් හේතුවෙන් එම ජනාධිපති සමාව අවලංගු වී යළිත් සිරගත වීමට උන්වහන්සේට සිදුවිය. මෙම සමස්ත නීතිමය ක්‍රියාවලිය තුළ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් වෛරයට හෝ ප්‍රචණ්ඩත්වයට ලක්විය යුතු කිසිදු ක්‍රියාවක් සිදුකර නොමැති බව මාධ්‍ය සංවිධාන තරයේ අවධාරණය කරයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටියද, එම නිදහස භාවිත කරමින් පුද්ගලයන්ට තර්ජනය කිරීම හෝ ප්‍රචණ්ඩත්වයට උසිගැන්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ඔවුහු පවසති. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 20(2) වගන්තියට අනුව ද, වෙනස්කම් කිරීම් හෝ ප්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමක් ඇති කරන ජාතික, වාර්ගික හෝ ආගමික ද්වේෂය ප්‍රචාරය කිරීම නීතියෙන් තහනම් කළ යුතු බව මාධ්‍ය සංවිධාන සාමූහිකය පෙන්වා දෙයි.

ඒ අනුව, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගරු කරන අතරම, පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන සහ සමාජය තුළ වෛරය හා ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කරන ප්‍රචාරණයන්ට එරෙහිව වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අදාළ මාධ්‍ය සංවිධාන යළිත් වරක් අවධාරණය කර සිටී.

Hot this week

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

Topics

බන්ධනාගාර රෝහලේ සිට ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

ප්‍රකාශයක් දෙන්න ගිය චාමර සම්පත් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ...

ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවෙ නැහැ – මල්වතු මහනාහිමි

ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ නොගැසූ බව...

මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගතයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු...

ඥානසාර හිමියන්ට සිර ඇඳුම් ඇන්දවූයේ ඉහළින් ආ බලපෑමකටද? – උදය ගම්මන්පිල

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී උන්වහන්සේගේ...

අර්ජුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ පෙත්සමේ විභාගය දෙසැම්බර් 16 වැනිදා

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්...

නීතිය ක්‍රියාත්මක කිරීමට දේශපාලන බලපෑම් නෑ

නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත දේශපාලන අධිකාරියෙන් කිසිදු බලපෑමක්...

නාමල් සිරකරන්න ආණ්ඩුව විමර්ශන වාර්තා සඟවනවා!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීති විභාගය සම්පූර්ණ...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron