නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් අධිකරණය, ඔහු ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, සැකකරුට ඇප නියම කිරීමට තරම් ප්‍රමාණවත් සුවිශේෂී කරුණු කිසිවක් අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවයි. විමර්ශන කටයුතු අවසන් වී තිබීම පමණක් ඇප දීමට සුවිශේෂී කරුණක් ලෙස සැලකිය නොහැකි බවත්, නඩු පැවරීම කඩිනමින් සිදු කරන බවට පැමිණිල්ල දැනුම් දී ඇති බැවින් එහි අනවශ්‍ය ප්‍රමාදයක් දක්නට නොලැබෙන බවත් අධිකරණය ප්‍රකාශ කළේය.

එමෙන්ම, සැකකරුගේ මව සහ පියා රෝහල්ගත කර ඇති බවට විත්තිය විසින් කරුණු දැක්වුවද, එය සනාථ කිරීමට අවශ්‍ය වෛද්‍ය වාර්තා හෝ වෙනත් කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කරුණ ද සැලකිල්ලට ගත නොහැකි බව මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

මේ අතර, සැකකරුට එරෙහිව ප්‍රමාදයකින් තොරව නඩු පවරා ඒ බව අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ගොනු කිරීමෙන් අනතුරුව සැකකරුට එහිදී ඇප ඉල්ලා සිටිය හැකි බව ද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා, එතෙක් වුවද යම් සුවිශේෂී කරුණක් මතු වන්නේ නම් මහේස්ත්‍රාත් අධිකරණයට යළිත් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව විවෘත අධිකරණයේදී වැඩිදුරටත් දැනුම් දුන්නේය.

Hot this week

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

Topics

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...

කෙහෙළියට එරෙහිව අපහාස පෙත්සමක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඉටු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron