2011 සමුපකාර අරමුදලින් ලක්ෂ 19ක් අවභාවිත කිරීමේ චෝදනාව මත ජෝන්ස්ටන් ප්රනාන්දුගේ හිටපු පුද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් ඔක්තෝබර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සමුපකාර ව්යාපාරයට වසර 100ක් පිරීම නිමිත්තෙන් 2011 වසරේ පැවැත්වූ උත්සවයක් වෙනුවෙන් සමුපකාර සංවර්ධන අරමුදලෙන් වෙන් කරන ලද මුදල් වලින් රුපියල් ලක්ෂ 19ක මුදලක් අවභාවිත කර ඇති බවටත්, ඒ සඳහා කූඨ ලේඛන සැකසූ බවටත් හිටපු අමාත්ය ජෝන්ස්ටන් ප්රනාන්දු මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු මෙන්ම සතොස හිටපු ක්රියාකාරී අධ්යක්ෂවරයෙකු වූ මොහොමඩ් සාකීර් මහතාට චෝදනා එල්ල වී තිබේ.
මූල්ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහේස්ත්රාත්වරයා විසින් ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.


