බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව අද ජනාධිපති ලේකම්වරයා වෙත ලබාදීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර පවසයි.

බන්ධනාගාර ආඥා පනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටුව විසින් සකස් කරන ලද මෙම වාර්තාව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා විසින් අද දින ජනාධිපති ලේකම්වරයාට ලබාදීමට නියමිතව තිබේ.

විශේෂයෙන්ම බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ සඳහන් රෙගුලාසි හා නිත්‍ය නියෝග කිහිපයක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත. වර්තමාන ආගමික, සංස්කෘතික, නීතිමය, පරිපාලනමය සහ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි මෙම නීති රෙගුලාසි කාලානුරූපීව සමාලෝචනය කර යාවත්කාලීන කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ කමිටුව පත් කරනු ලැබීය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පිරීස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති.

Hot this week

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...

නාමල්ට අදත් ඇප නෑ!

සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම්පත...

අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට දැඩි නීති.

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය සහ නොමඟ යවන සුළු තොරතුරු...

Topics

බැසිල්ට රතු වරෙන්තුවක් ගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන...

සෞදියේදී අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් හේතුවෙන්, සෞදි අරාබියේදී...

කෙහෙළියට එරෙහිව අපහාස පෙත්සමක්!

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයක් ඉටු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කර...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron