බොරු තොරතුරක් සමාජගත කල තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර සිට කොළඹ දක්වා පැවැත්වෙන පාගමනට සහාය දුන් අයෙකුට පහරදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව අසත්‍ය බව පොලීසිය පවසනවා.

පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් විසින් මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නීතිමය පියවර ගන්නා බව පොලීසිය සඳහන් කළා.

පොලීසියට අනුව, ඊයේ (14) යක්කල, වීදියවත්ත දේවාලය ඉදිරිපිටදී ලොරි රථයක ගමන් කළ පුද්ගලයෙකු සහ යතුරුපැදිකරුවෙකු අතර රථවාහන තදබදයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව තිබෙනවා.

වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන ලොරි රථයේ ගමන් කළ පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ තමන් අදාළ පාගමනට කිසිදු සම්බන්ධයක් නොමැති බවත්, රථවාහන ආරවුලක් හේතුවෙන් යතුරුපැදිකරු හෙල්මටයකින් තමන්ට පහරදුන් බවත්ය. ගැටුමට සම්බන්ධ යතුරුපැදිකරු ද ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා.

මෙම පෞද්ගලික ආරවුල පාගමනට සම්බන්ධ සිදුවීමක් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහජන නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට පොලීසිය චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Hot this week

කොළඹට ළඟා වන විට ඥානසාර හිමියන් නිදහස් කළ යුතුයි

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන කොළඹට ළඟා වන විට...

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කළ භික්ෂුවගේ අභියාචනය නිෂ්ප්‍රභයි

සාමණේර හිමිනමකට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිටින...

තංගල්ලේ පන්සලකට ගිය ප්‍රංශ තරුණියකට අතවරයක්!

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටි 32 හැවිරිදි ප්‍රංශ...

ඥානසාර හිමියන් ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන්ගෙන් බරපතළ චෝදනාවක්

බන්ධනාගාරය තුළ ව්‍යාජ ගැටුමක් මවාපා ඥානසාර හිමියන් පිස්තෝලයක් පැහැරගෙන...

ශිරන්ති රාජපක්ෂට වෛද්‍ය මණ්ඩලයක්?

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතරතුර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන...

Topics

ඥානසාර හිමිගේ පෙත්සම විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

ඥානසාර හිමිගේ පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණ සභාපති...

බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි සංශෝධන කමිටු වාර්තාව අද ජනපති ලේකම්ට

බන්ධනාගාර ආඥා පනත යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටු...

සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය 22 වැනිදා

ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron