PSTA පනත් කෙටුම්පත අනතුරුදායක බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියයි

ශ්‍රී ලංකා රජය විසින් යෝජනා කර ඇති නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් නැවත ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ආදේශ කිරීමට නියමිත “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” පිළිබඳ නෛතික විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, මේ මගින් රාජ්‍ය බලධාරීන්ට අත්තනෝමතික ලෙස කටයුතු කිරීමටත්, විරෝධතා සහ සිවිල් සංවිධානවල ක්‍රියාකාරකම් අපරාධ බවට පත් කිරීමටත් ඉඩකඩ සැලසෙන බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි දකුණු ආසියානු අධ්‍යක්ෂිකා ස්මෘති සිං,

“මෙම නව පනත් කෙටුම්පත මගින් සිදුවිය යුත්තේ අතීතයේ සිදු වූ අභූත සහ අසාධාරණ ක්‍රියාමාර්ග නතර කිරීම මිස, මතභේද සහ විවේචන අඩපණ කිරීමට බලධාරීන්ට අලුත් මෙවලම් ලබා දීම නොවේ.”

ජාත්‍යන්තර ක්ෂමා ආයතනය පෙන්වා දෙන ප්‍රධාන ගැටලු කිහිපයක්,

1.නඩුවක් නැතුව වසර 2ක් තබාගැනීම: පුද්ගලයෙකුට එරෙහිව නඩුවක් පැවරීමට පෙර වසරක් දක්වාත්, ඉන් පසුව නඩු විභාගයට පෙර තවත් වසරක් දක්වාත් රැඳවුම් භාරයේ තබා ගැනීමට අවසර හිමි වීම.

2.ත්‍රස්තවාදය අතිශය පුළුල් ලෙස අර්ථ නිරූපණය කිරීම: සාමකාමී විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෝ මානුෂීය ආධාර සැපයීම් ත්‍රස්තවාදී වැරදිවලින් පැහැදිලිව නිදහස් කිරීමට අපොහොසත් වීම.

3.සමාලෝචන කමිටුවේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු: රැඳවුම් නියෝග පරීක්ෂා කරන කමිටුවේ සාමාජිකයන් ආරක්ෂක අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබීම.

4.යුද හමුදාවට පොලිස් බලතල ලැබීම: සන්නද්ධ හමුදාවන්ට සහ වෙරළාරක්ෂක බලකායට පොලිස් බලතල පැවරීමට ඇති ඉඩකඩ සහ නඩු විභාග වසර 20ක් දක්වා අත්හිටුවීමට නීතිපතිවරයාට බලය ලැබීම.

පවතින PTA පනත අහෝසි කරන ලෙසත්, එතෙක් එය භාවිත කිරීම අත්හිටුවන ලෙසත් ඇම්නෙස්ටි සංවිධානය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Hot this week

ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල්යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින...

මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක වාර්තාගත දඩයක්

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සහ...

අද සිට විදුලි කප්පාදුව අවසන්.

ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍රය යළිත් පූර්ණ...

ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න.

පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්...

හූනියම් කරලා ජනපතිව මරන්න හදනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ චේතනාවෙන් ඔහුගේ...

Topics

ඥානසාර හිමිගේ පෙත්සම් විභාගය කල්යයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිරදඬුවම් නියම වී සිටින...

මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක වාර්තාගත දඩයක්

තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සහ...

අද සිට විදුලි කප්පාදුව අවසන්.

ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අංක දෙක ජනන යන්ත්‍රය යළිත් පූර්ණ...

ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරකම් ගැන දයාසිරිගෙන් ප්‍රශ්න.

පසුගිය භීෂණ සමයට අදාළ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ක්‍රියාකාරකම්...

හූනියම් කරලා ජනපතිව මරන්න හදනවා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ චේතනාවෙන් ඔහුගේ...

සුරේෂ් සලේ නඩුවේ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේපයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ.

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයකම...

ශ්‍රීලන්කන් හැකර් ප්‍රහාරය බොරුවක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධති සයිබර් ප්‍රහාරයකට ලක්ව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron