ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන එක්සත් රාජධානියෙන් මානව හිමිකම් සමුළුවට ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසිවාරයට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එක්සත් රාජධානියේ මානව හිමිකම් තානාපති එලිනෝර් සැන්ඩර්ස් මහත්මිය විසින් අදාළ ප්‍රකාශය ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව සහ ඔහුගේ වාර්තාව පිළිබඳව එහිදී සිය ස්තූතිය පළකර ඇත.

ශ්‍රී ලංකාවේ මෑතක දී හමුවූ සමූහ මිනීවලවල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම ඉතා වැදගත් වන අතර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සිදුකළ යුතු බව එක්සත් රාජධානිය පෙන්වා දෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කටයුතු නොකිරීම මූලික නිදහස සීමා කිරීම සඳහා නීතී අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳ කනස්සල්ල පළකරන බව ද අදාළ ප්‍රකාශය මගින් ඔහුන් පෙන්වා දී තිබේ.

ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිදුකරන වැඩපිළිවෙළ දිරිමත් කරන අතර අදාළ ගැටලුව ප්‍රමුඛතාවයක් ලෙස සලකා විසදා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරන බව ද එක්සත් රාජධානිය පවසයි.

මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට ඇති කැමැත්ත නැවතත් තහවුරු කරන බව එක්සත් රාජධානිය සිය ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාව, මලාවි, මොන්ටිනිගෝ, උතුරු මැසිඩෝනියාව සහ එක්සත් රාජධානිය යන රටවල්වලින් සමන්විත මූලික කණ්ඩායම ද ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

එක්සත් රාජධානියේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කුමාර් අයියර් විසින් අදාළ ප්‍රකාශය සිදුකර ඇති අතර එහිදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ පැමිණීමට සිය ස්තූතිය පළකර ඇති බව වාර්තා වේ.

මානව හිමිකම්, වගවීම, සංහිදියාව, යහපාලනය සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ කැපවීම අර්ථවත් ක්‍රියාමාර්ග බවට පත්කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවාහී දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැසි සැසිවාරය ඊයේ ආරම්භ වූ අතර එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ මෙරට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවර ආකාරයේ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron