ඇල්ල වැල්ලවායේ අනතුරට ලක්වූ බසයේ දෝෂයක්

ඇල්ල වැල්ලවාය ප්‍රදේශයේ අනතුරට ලක් වූ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් තිබූ බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් අද (06) පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.

අනතුරට පත් අදාළ බස් රථය දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ (05) රාත්‍රියේදී ප්‍රපාතයෙන් ගොඩ ගැනිණි. සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබූ බස් රථයේ කොටස් ඇල්ල පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය අතර ජාතික ප්‍රවාහනාධිකාරියේ නිලධාරීන්ද බස් රථයේ සුන්බුන් පරීක්ෂාවට ලක් කළේය.

එමෙන්ම අනතුර සිදුවූ ස්ථානයත් ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් අද පරීක්‍ෂාවට ලක් කර තිබේ. බස් රථයේ සුන්බුන් ලබන 08 වනදා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.

මෙම අනතුරින් 15 ක් මියගිය අතර, අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් එම බස් රථයේ කොන්දොස්තරවරයා සහ එහි ගමන් ගත් පුද්ගලයෙකු පැවසුවේ, බස් රථයේ තිරිංග අක්‍රිය වූ බව රියදුරු පැවසූ බවය.

මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථය 2023 ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් ඌ බස් රථයක් බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි. ඔහු පවසන්නේ විනෝද චාරිකා සඳහා පමණක් භාවිතා කෙරෙන බස් රථ නියාමනය කිරීමට රට තුළ තවමත් නීති නොමැති බවයි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron