Thursday, April 2, 2026
21.7 C
Sri Lanka

ධම්මික පෙරේරා Laugfs සමූහයේ කොටසක් මිලදී ගනී

ධම්මික පෙරේරා Laugfs සමූහයේ කොටසක් මිලදී ගැනීමත් සමඟ Laugfs සමූහයේ සම නිර්මාතෘවරයක මෙන්ම නියෝජ්‍ය සභාපතිවරයාද වන තිලක් ද සිල්වා මෙහි කොටස් හිමිකාරීත්වයෙන් ඉවත්ව තිබේ.

තිලක් ද සිල්වා මේ සම්බන්ධයෙන් තම අදහස් දක්වමින් සඳහන් කරන්නේ, Laugfs සමාගම දැනට පවතින තත්ත්වයෙන් නැගී සිටීමට නම් විශාල මූල්‍ය ශක්තියක් අවශ්‍ය බවත්, ඒ අනුව වඩාත් හොඳ ආයෝජකයෙකුට සමාගම තුළ ඉඩක් ලබාදීම සඳහා තමා ඉවත් වූ බවත්, මෙම සන්නාමයේ පැවැත්ම උදෙසා මෙම තීරණය ගත් බවත්ය.

මෙම ගනුදෙනුවේ වටිනාකම සාකච්ඡාවෙමින් පවතින බව පවසමින් තිලක්ඛ සිල්වා එය හෙළිකිරීම ප්‍රතික්ෂේප කළ නමුත් ගනුදෙනුවේ වටිනාකම රුපියල් බිලියන 5 ත් 7ත් අතර වන බව අනුමාන කෙරේ.

Laugfs Gas සමාගම මේ වසරේ ජූනි කාර්තුව සඳහා රුපියල් මිලියන 888 ක දල ලාභයක් වාර්තා කළද, රුපියල් මිලියන 733 ක මූල්‍ය පියවරක් දැරීමට සිදුවීම හේතුවෙන් පාඩු ලබා ඇති බවත් Laugfs සමාගම සතුව රුපියල් බිලියන 12 ක දිගුකාලීන ණය සහ රුපියල් බිලියන 19ක කෙටි කාලීන ණය පවතින බවත් වාර්තා වෙයි.

ධම්මික පෙරේරාගේ ආයෝජනය සමගින් Laugfs සමූහයට කලාපයේ බලශක්ති සැපයුම්කරුවකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට හැකි වනු ඇතැයි Laugfs power හී ප්‍රධාන විධායක නිලධාරී මිතිල වේගපිටිය පැවසීය.

ඒ අනුව තවදුරටත් තම අදහස් දක්වමින් මෙතිල වේගපිටිය සඳහන් කළේ Laugfsහි හැකියාවන් ප්‍රයෝජනයට ගැනීමට එදා හොඳ පුද්ගලයකු ලෙස ධම්මික පෙරේරා දුටු බවත්, එය ඉතා හොඳ හවුල් හවුල්කාරීත්වයක් වනු ඇති බවත්ය.

Hot this week

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...

පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...

දිවයිනේ සියලු රෝහල්වල අදත් GMOA වැඩවර්ජනය අරඹයි

අද (02) උදෑසන 8.00 සිට හෙට (03) උදෑසන 8.00...

Topics

ගල් අඟුරු වංචාව පිටිපස්සෙ අනුර ජනාධිපතිවරයා ඉන්නවා -නාමල් රාජපක්ෂ-

ජනාධිපතිවරයා ගල් අඟුරු වංචාව කරපු අයව ආරක්ෂා කරන්න කටයුතු...

ප්‍රදේශ අනුව හෝමාගම අවට පැය 24ක ජලය අත්හිටුවීමට තීරණයක් 

පැය 24ක ජල කප්පාදුවක්පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය...

ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳට වරෙන්තු

එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන...

පාසල් විනය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛකයක්

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින්...

හෙට ඔත්තේ සහ ඉරට්ටේ දෙකටම තෙල්

හෙට (01) දිනයේ එනම් අප්‍රේල් 01 වෙනිදා ඔත්තේ සහ...

සජින් වාස්ට ඇප

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන...

බලශක්ති අරපිරිමැස්ම වෙසක් සහ පොසොන් ආගමික උත්සවවලට බලපානවා ද?

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය යටතේ මෙරට මතුව ඇති බලශක්ති...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron