පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේදී භාවිත කරන ලද විදුලිය වෙනුවෙන් ලිවිය යුතු රුපියල් මිලියන දෙකකට අධික මුදලක් නිසි වෙලාවට ලංකා විදුලි බල මණ්ඩලයට නොගවීම මගින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ජේෂ්ඨාධිකරණය ඊයේ(11) අවසර දුන්නේය.
නීතිඥ විජිත කුමාර නමැත්තකු විසින් ගොනු කරනු ලැබූ එම පෙත්සමෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ, ලංකා විදුලි බල මණ්ඩලයයි.
මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවන්ගෙන් සමන්විත දේශාධිකරණ විනිසුරු මණ්ඩලයක් හමුවේ කැඳවනු ලැබීය.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා ගෙදර බල මණ්ඩලයට ගෙවීම පහර හැරීම සම්බන්ධයෙන් මෙම පෙත්සම ගොනු කර තිබූ බවය.


