උදය ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවද? නැද්ද?

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අධිකරණයට දැනුම් දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමද අද අභ්‍යාසනා අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ට ජනරාල් සුදර්ශන් ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිළ මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගැන නොමැති බවය.

මෙම පෙත්සම කැඳවනු ලැබුවේ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු රොහාන් අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේය.

පෙත්සම්කාර උදය ගමන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විදේශගතව සිටින සිය සේවා දායකයා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටින බවත් එසේ පැමිණෙන අවස්ථාවලදී ගුවන්තොටුපළේදී ඔහු අත්අඩංගුවට ගැනීමේ අවධානමක් පවතින බවත් පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැන් නම් දුන්නේ පෙත්සම්කාර උදය ගම් මං පිළව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකරුවන් විසින් තීරණයක් ගෙන නොමැති බවය.

විමර්ශන කටයුතු තවදුරටත් සිදුවෙන බවත්, අවසන් තීන්දුවක් ගැනෙන්නේ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසුව බවත් ඔහු සඳහන් කර සිටියේය.

ඒ අනුව පෙත්සම් සලකා බැලීම ලබන 17 වනදා දක්වා කල් තැබීමටද තීන්දු කළේය.

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron