13න් වසරකට පසු හෙළිවන තාජුඩීන් ඝාතනයේ සාක්ෂි

2012 වසරේදී ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් කළ මෝටර් රථය පසුපසින් ලුහුබැඳ ගිය මෝටර් රථයේ ඉකුත් දා ඝාතනයට ලක් වූ ‘මිද්දෙණියේ කජ්ජා’ හෙවත් අරුණ ශාන්ත විදානගමගේ ගමන් කර ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් සැප්. 30 විශේෂ අනාවරණයක් කරමින් පැවසීය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, වසීම් තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහු වතුර බෝතලයක් මිල දී ගැනීම සඳහා හැව්ලොක් පිහිටි සුපරි වෙළෙඳසලක් වෙත ගමන් කරන බව ත් ඉන් පිටතට පැමිණ යළි ඔහු තම මෝටර් රථයේ නැග ගමන් කිරීමේදී ඔහු පසුපස තවත් මෝටර් රථයක් ලුහුබැඳ යන බවත් ය.

එම රථය සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන පරීක්ෂා කර බැලීමේදී ආනාවරණය වී ඇත්තේ, ඒ අසල තවත් පුද්ගලයෙකු සිට ඇති බව ය.

ඔහු හඳුනා ගැනීම සඳහා මීට වසර 9කට පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත දර්ශන නිකුත් කරනු ලැබුව ද එය අසාර්ථක වූ බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

නමුත් යළිත් ‘මිද්දෙණියේ කජ්ජා’ හෙවත් අරුණ ශාන්ත විදානගමගේගේ බිරිඳ ලබා දුන් ප්‍රකාශයක් මත එම පුද්ගලයා පසුගිය දා ඝාතනයට ලක් වූ ‘මිද්දෙණියේ කජ්ජා’ බවට තහවුරු වී තිබේ.

‘ඔය ඉන්නේ මගේ මහත්තයා’

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකාර පුද්ගලයා සම්බන්ධ සීසීටීවී දර්ශන ‘කජ්ජාගේ’ බිරිඳට පෙන්වනු ලබන අතර එහිදී ඇය එහි සිටින්නේ තම සැමියා බවට හඳුනා ගෙන තිබේ.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කරනවා මේ කාන්තාවට අර සීසීටීවී දර්ශන පෙන්නන්න,” වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“පෙන්නපු ගමන් කජ්ජාගේ බිරිඳ හඳුනා ගන්නවා, ‘සර් ඔය ඉන්නේ මගේ මහත්තයා…”

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,

“ඔයා කොහොම ද එහෙම කියන්නේ? යැයි ප්‍රශ්න කර තිබේ.

“ඇයි සර්, මම මේ මනුස්සයා එක්ක අවුරුදු 17ක් පවුල් කෑවා. මම දන්නේ නැද්ද මගේ මනුස්සයා,” ‘කජ්ජාගේ’ බිරිඳ ලබා දුන් පිළිතුර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

එය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කර ඇති බව ඔහු පැවසීය.

“සර් ඔය කොන්දට අත් දෙක තියාගෙන ඉන්නේ, මෙයාට කොන්දේ අමාරුවක් තියෙනවා. ඒකයි මෙයා කොයි වෙලාවෙත් අත් දෙක තියාගෙන ඉන්නේ. ඒ එයා ම තමයි,” ඇය පවසා තිබේ.

ඇය ලබා දුන් ප්‍රකාශය අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් කළ මෝටර් රථය පසුපසින් ලුහුබැඳ ගිය මෝටර් රථයේ ගමන් කළ සැකකාර පුද්ගලයා හඳුනා ගත් බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

තාජුඩීන් ඝාතනය

නාරාහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණය අසල පාර්ක් පාරේ ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ 2012 මැයි 17 වන දා රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටියදී හමුවිය.

හදිසි අනතුරකින් ඔහු මියගොස් ඇති බවට එම අවස්ථාවේ පොලිසිය ඇතුළු බලධාරීන් ප්‍රකාශ කළ නමුත් එය හදිසි අනතුරක් නොවන බව පවසමින් ඔහුගේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

අනතුරුව ඔහුගේ සිරුර ගොඩගෙන නැවත පරීක්ෂණ පවත්වන ලෙස අධිකරණය එවකට නියෝග කළේ ය.

ඒ අනුව, දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් විසින් 2015 වසරේ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වුණේ වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට ය.

අනතුර සිදු වූ අවස්ථාවේ ඔහු ගිනිගෙන තිබූ රථය පදවා නැති බව පවසන වෛද්‍ය වාර්තාව, ඔහුට පහර දී දුර්වල වූ පසුව ඔහු වාහනයේ වාඩි කරවා ඇති බව සඳහන් කර තිබිණි.

ඔහුගේ දෙපාවලට, ගෙළ සහ පපු ප්‍රදේශයට කරන ලද පහරදීම්වලින් හට ගත් තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට විශේෂඥ මණ්ඩලයේ නිගමනය වී තිබිණි.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron