Wednesday, December 31, 2025
24.7 C
Sri Lanka

ලෝකෙම ආකර්ෂණය දිනූ කපිටියේ Kitesurfing..

ශ්‍රී ලංකාවට පැමිණි කයිට්සර්ෆ් ක්‍රීඩකයින් 19 දෙනෙක්, කල්පිටියේ අනාවසල සිට තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර් 200ක පමණ ගමනක් සාර්ථකව අවසන් කළා. මෙය ශ්‍රී ලංකාවේ කයිට්සර්ෆින් මධ්‍යස්ථානයේ සිට ආරම්භ කළ දීර්ඝතම ගමන් උත්සාහය ලෙස සනිටුහන් වෙනවා.

කල්පිටිය විශේෂ වෙන්නේ ඇයි?


වසර 15කට පමණ පෙර හඳුන්වා දුන් කයිට්සර්ෆින් (Kitesurfing) ක්‍රීඩාව, කල්පිටිය ලෝකයේම ඉහළම ත්‍රාසජනක ස්ථාන අතර ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති ස්ථානයකි. ස්ථාවර සුළං, සන්සුන් කලපු, සහ විවෘත ඉන්දියානු සාගරය නිසා, මේ ප්‍රදේශයේ දැන් කයිට්සර්ෆින් පාසල් 30කට වඩා වැඩියෙන් පිහිටා තිබෙනවා. ඒවා ජර්මනිය, ප්‍රංශය, රුසියාව, ඉන්දියාව, ඉතාලිය, ඇතුළු ලොව පුරා සිටින ක්‍රීඩා ලෝලීන් ආකර්ෂණය කරගැනීමට සමත්ව ඇති අතර වසරකට විශාල සංචාරකයින් ප්‍රමාණයක් මෙම ත්‍රාස්‍යජනක ක්‍රීඩාවේ නිරතවීම සඳහා මෙරටට පැමිනෙණවා.

සංචාරක ව්‍යාපාරය දියුණු කරන ක්‍රීඩාවක්.

මේ වාර්තාගත ගමනේ අරමුණ වුණේ, ක්‍රීඩාව වගේම ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක සංචාරක ව්‍යාපාරයේ විභවය ලෝකයට පෙන්වීම බව, සංවිධායක සාරා ජොහානා බර්ග් මහත්මිය පැවසුවා. දේශීය උපදේශක ඩබ්ලිව්. සුසන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ, කිලෝමීටර් 200ක අභියෝගය සීමාවන් ඉක්මවා යෑම, කල්පිටිය මුහුදු තීරයේ සුන්දරත්වය, අභියෝගාත්මකබව ගෝලීය වශයෙන් ප්‍රදර්ශනය කරන අවස්තාවක් බවයි

ඇත්තටම මෙය, පරිසරය ආරක්ෂා කර ගනිමින් විදේශ විනිමය ගෙන ඒමේ මාර්ගයක් ලෙස, තව තවත් ප්‍රවර්ධනය කිරීම ඉතාමත් විටිනා ක්‍රීඩාවකි.

මූලාශ්‍රය: ද සන්ඩේ ටයිම්ස් පුවත් සේවය

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron