Wednesday, April 29, 2026
22.7 C
Sri Lanka

විදුලි/ජල බිල් නොගෙවා ගෙදරින් ගිය මහින්ද

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පදිං­චිව සිටි කොළඹ 07, විජේ­රාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟ­යක් පැව­තීම හේතු­වෙන් විදුලි සහ ජල සම්පා­දන සම්බ­න්ධතා විසන්ධි කිරී­මට පෙරේදා (07) සූදා­නම් වී ඇත.

ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ නිල­ධා­රීන් ජල සම්බ­න්ධ­තාව විසන්ධි කිරී­ම­ටත්, රුපි­යල් ලක්ෂ­යක හිඟ විදුලි බිල්ප­තක් ඇති හෙයින් විදුලි බල මණ්ඩ­ලය විදු­ලිය විසන්ධි කිරී­ම­ටත් එහි ගොස් ඇත. මේ වන විට ආර­ක්ෂක අංශ නිල­ධා­රීන් පම­ණක් එහි සිටින බැවින් ආපසු හැරී පැමිණ ඇති බව ආරංචි මාර්ග සඳ­හන් කරයි.

මේ සම්බ­න්ධ­යෙන් ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ සභා­පති චන්දන බණ්ඩාර මහ­තා­ගෙන් ‘දින­මිණ’ කළ විම­සී­මේදී සඳ­හන් කළේ, එම නිවසේ රුපි­යල් ලක්ෂ 6ක හිඟ ජල බිල්ප­තක් ඇති බවයි. මෙවැනි හිඟ බිල්පත් සම්බ­න්ධ­යෙන් ඉදිරි ක්‍රියා­මාර්ග ගැනීමේ සාමාන්‍ය ක්‍රම­වේ­දය අනුව පෙරේදා (07) විජේ­රාම මාවතේ පිහිටි මෙම නිවසේ ද ජලය අත්හි­ටු­වම සඳහා ජාතික ජල සම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලයේ සේව­ක­යන් එහි ගොස් ඇති බව ද ඔහු පැව­සීය.

නිවසේ ආර­ක්ෂා­වට රඳවා සිටින පොලිස් නිල­ධා­රීන් ජල බිල්පත් හිඟය සම්බ­න්ධ­යෙන් වග­කි­ව­යුතු පුද්ග­ල­යන් දැනු­ම්වත් කිරී­මට පිය­වර ගන්නා බව සඳ­හන් කර ඇති හෙයින් එම නිවසේ ජල සැප­යුම අත්හි­ටු­වී­මට මණ්ඩ­ලය පිය­වර ගෙන නොමැති බව ද සභා­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

විජේ­රාම මාව‍තේ පිහිටි නිවස මෙ‍‍තෙක් නිල වශ­යෙන් භාරදී නැත. මෙහි ඇති රජ­යට අයත් භාණ්ඩ ලේඛන පරී­ක්ෂ­කර ඒවා වෙන් කර­ගැ­නී­මෙන් අන­තු­රුව මහින්ද රාජ­පක්ෂ මහ­තාට අයත් භාණ්ඩ ඉවත් කර­ගැ­නී­මෙන් අන­තු­රුව නිවස නිල වශ­යෙන් භාර­දෙන බව මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පාර්ශ්ව­යෙන් සඳ­හන් කරයි.

මෙම නිවසේ ජනා­ධි­පති කාර්යා­ලය, අග්‍රා­මාත්‍ය කාර්යා­ලය සහ රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාං­ශ­යට අයත් භාණ්ඩ ඇති බව සඳ­හන්ය. ජනා­ධි­පති කාර්යා­ලයේ නිල­ධා­රීන් මේ වන විට පැමිණ ජනා­ධි­පති කාර්යා­ල­යට අයත් භාණ්ඩ ලැයි­ස්තු­ගත කර ඇති බව ද මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පාර්ශ්වයේ තොර­තුරු සඳ­හන් කරයි.

මෛත්‍රී­පාල සිරි­සේන මහතා ජනා­ධි­පති ධුර­යට පත්වී­මට පෙර භාවිත කර ඇත්තේ මෙම නිව­සය. මෙම නිවසේ ඔහු රැඳී සිටින විට තිබුණු රජයේ භාණ්ඩ ද තව­මත් ඇතැයි විශ්වාස කෙරේ. එබැ­වින් ඒ සම්බ­න්ධ­යෙන් ද සොයා බැලී­මක් සිදු වනු ඇත.

මහින්ද රාජ­පක්ෂ මහතා මෙම නිව­සින් ඉවත්ව ගිය ද තව­මත් නිල වශ‍යෙන් නිවස භාරදී නොමැති බැවින් නිල වශ­යෙන් භාර දෙන දිනය දක්වා ඇති විදුලි සහ ජල බිල්පත් ද ගෙවී­මට සිදු වනු ඇත. එබැ­වින් මෙම නිවස ඉතා ඉක්ම­නින්ම භාර ගැනී­මට රජය කට­යුතු කරනු ඇතැයි මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පාර්ශ්වය ඉල්ලා සිටියි.

ගයාන් කුමාර වීර­සිංහ/ රන්මලී සෝම­සිරි

(Dinamina)

Hot this week

ලබන වසර මුලදී විදුලි දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම්

ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29)...

අර්ච්චුනාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා...

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා...

කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස්...

Topics

ලබන වසර මුලදී විදුලි දුම්රිය ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම්

ඉදිරියේදී වර්තමාන දුම්රිය සේවාවට සමාන්තරව විද්‍යුත් දුම්රිය සේවා ක්‍රියාත්මක...

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද (29)...

අර්ච්චුනාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා...

මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද මහජන හදිසි අවස්ථා...

කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස්...

ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ අනවසර ඉදිකිරීම් පෙත්සම් විභාගය අවසන් කරයි

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන...

ශ්‍රී ලංකාව සිය ආර්ථික පුන­ර්ජී­වනය IMF ලබා දී තිබූ ආදා­යම් ඉලක්ක ඉක්මවා යෑමට සමත්ව තිබේ.

වාර්තා­ව­ලට අනුව, රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron