”බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ” -කාදිනල් හිමි-

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ගැන කාදිනල් හිමිගෙන් සැර ප්‍රකාශයක්

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ ඇතැම් නීති ලංකාවට කිසිසේත්ම නොගැලපෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේය.

දරුවන්ට දඬුවම් කර නිවැරදි මාර්ගයට ගැනීමට හැකියාව තිබිය යුතු බවත් බටහිර ලෝකයේ සියලුම නීති ලංකාවේ අධ්‍යාපනයට අනුකරණය කළ යුතු නැතැයි ද උන්වහන්සේ පැවසීය.

"දරුවා සහ දෙමාපියන් අතර මේ ගට්ටනය ඇති කරලා, දෙමාපියන්ට එහෙම නම් ගුරුවරුන්ට කොහොම තියෙයි ද? ගුරුවරුන්ට හිතන්නවත් බෑනේ. පාසල්වල දරුවෝ වැරදි වැඩ කළොත් ගුරුවරයා කියන්න පුළුවන් ළමයා ඔය දිගට කොණ්ඩය වවන්න එපා කපාගෙන එන්න කියලා. එහෙම කිව්වොත් ඒ දරුවාට පුළුවන් පොලීසියට ගිහින් මගේ ගුරුවරයා මට මානසික පීඩාවක් ගෙනාවා කියලා. මෙහෙම කියලා ගුරුවරයාව අත්අඩංගුවට ගන්න පුළුවන් ලු. ඒක වැරදි වැඩක්. මේවා අපිට පිළිගන්න බෑ. බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන ඔක්කෝම ලංකාවට ගැලපෙන්නේ නෑ. අපේ ලංකාවේ තියෙනවා සංස්කෘතියක්, ක්‍රමවේදයක්, ආචාරධර්ම තියෙනවා මේවට අපි ගරු කළ යුතුයි කියලා. ඒ නිසා අපි අධ්‍යාපන බලධාරීන්ට කියා සිටිනවා කරුණාකරලා ඔය වැඩේ කරන්න එපා. දෙමාපියන්ට හා ගුරුවරුන්ට තිබිය යුතු ගුරු භක්තිය, ආදරය දරුවන් තුළ තියෙන භක්තිය ලබාදීමේ ප්‍රවණතාවයට බාධා කරන්න එපා."

Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron