ගල්කිස්ස උසාවියේ සිද්ධිය: නිතීඥවරයා ගැනත් විමර්ශනයක්

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පසුගිය 10 වැනිදා පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර තිබෙනවා.

නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව මෙම සිදුවීමට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් මෙසේ විර්මශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම නීරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

Hot this week

තාවකාලිකව අත්හිට වූ ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි...

‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන...

හිටපු අටමස්ථානාධිපති හිමියන්ට එරෙහි නඩුවේ රස පරීක්ෂක වාර්තාව අධිකරණයට

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව ගොනු...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු...

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබූ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් අයෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා...

Topics

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට සංවේදී ඉල්ලීමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

නාලක ගොඩහේවා අල්ලස් කොමිසමට

හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අද (21)ප්‍රකාශයක් ලබා දීම...

උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න – ජනපතිගෙන් උපදෙස්

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron