Sunday, December 28, 2025
22.1 C
Sri Lanka

නව අධ්‍යාපන පරිවර්තන පිරිවෙන් අධ්‍යාපනයටත්

පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ 204 වැනි රැස්වීම් වාරය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ මූලිකත්වයෙන් සහ අධ්‍යාපන ලේකම්තුමාගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව පිරිවෙන් අධ්‍යාපන ආයතනවල සිදුකළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ මෙහිදී අමාත්‍යතුමියගේ විශේෂ අවධානය යොමු විය. අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලිය තුළ ස්මාර්ට් පන්ති කාමර සැකසීම සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම් සහ ලබා දිය යුතු අනෙකුත් ප්‍රතිපාදන සකස් කිරීම පිළිබඳවත් ඒ සඳහා මානව සම්පත පුහුණු කිරීමේ ක්‍රමවේද පිළිබඳවත් අමාත්‍යතුමිය දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.
එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය තුළින් බිහිවන දක්ෂ ශිෂ්‍යයන් ඇගයීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් ඔවුන් එම ක්‍ෂේත්‍රය තුළ රඳවා ගැනීමේ වැදගත්කම පිළිබඳවත් සාකච්ඡාවට ලක් කළ අමාත්‍යතුමිය වර්තමාන අධ්‍යාපන පරිවර්තනය පිරිවෙන් අධ්‍යාපනයට ගළපා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදි.
පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහනායක හිමිපානන් වහන්සේලා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron