Wednesday, December 31, 2025
21.7 C
Sri Lanka

ඉෂාරාගේ රුවට සමාන කාන්තාව සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කෙරේ

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා සිටින සැකකාරියක් වන නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමග සමීප සබඳතා පැවැත් වූ පොලිස් සැරයන්වරෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ.

එම සැරයන්වරයා සැකකාරිය සමග එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

ඉකුත් පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කළේය.

එම අපරාධයේ ප්‍රධාන සැකකාරිය වූ ඉෂාරා සෙව්වන්දි අතුරුදන්ව සිට අතර පසුව ඇය සහ ඇයගේ රුවට බොහෝ සෙයින් සමාන රුවක් ඇති නන්ද කුමාර් තක්‍ෂි නැමැති මෙම සැකකාරියද ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නේපාලයේ කත්මන්ඩු නුවර නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන පසුව දිවයිනට රැගෙන එනු ලැබීය.

ඉෂාරා සෙව්වන්දි  සහ නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරියන් දෙදෙනා මේ වන විට දින 90 ක රැඳවුම් නියෝග මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ රඳවා සිටියි.

වැඩ තහනමට ලක් කළ පොලිස් සැරයන්වරයා පසුගිය 30 වනදා රාත්‍රී 10 සිට පසුදින උදෑසන 6 දක්වා උපසේවක රාජකාරී යෙදී සිටියදී අංක 03 සිර මැදිරියේ රඳවාසිටින නන්ද කුමාර් තක්ෂි නැමති සැකකාරියට බිස්කට් ලබාදෙන බවට හා ඇය විසින් අඩක් ආහාරයට ගන්නා ලද බිස්කට් කැබැල්ලක් නිලධාරියට ලබා දී ඇති බවත් අවස්ථා කිහිපයකදීම එම සැකකාරිය රඳවා සිටි සිරමැදිරිය සමීපයට ගමන් කරන බවට හා ඇය සමඟ හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගන්නා බවට CCTV කැමරා සමීප රූප පරික්ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.

Hot this week

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

ආපදාවට පත් ජනතාවට සහන දීමට දැන්වත් ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගන්න.-නාමල් රාජපක්ෂ-

රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

Topics

ට්‍රම්ප් ‘ග්‍රීන් කාඩ්’ අත්හිටුවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි 'ග්‍රීන්...

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ.

ලංකාවේ 5G සංඛ්‍යාතනිල වශයෙන්ම ලබා දේ. වසර ගණනාවක් ප්‍රමාදයට පත්...

විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

2026 වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක්...

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ...

බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් 20වනදා සිට

'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් අවහිර වූ උඩරට දුම්රිය...

”ගෑස් හිඟයක් නෑ…බොරුවට බියවද්දන්න එපා” -ඇමති විජිත-

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන...

දෙහිවල ඝාතනයට ‘මුට්ටියා’ අත්අඩංගුවට

දෙහිවල, වනරතන පාර ප්‍රදේශයේදී ඉකුත් 06වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුවන අමින්ද...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron