Monday, April 27, 2026
26.4 C
Sri Lanka

ආර්ඕ (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය අති සාර්ථකත්වයක්

ආර්ඕ (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරනලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25 වැනිදා පැවැත්විය. දිවයින පුරා බැඩ්මින්ටන් ක්‍රීඩාවට අලුම්කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකතු වුනු මෙම දින දෙකක තරගාවලියට හිටපු ජාතික ශූරයන්ගේද සහභාගීත්වය සුවිශේෂී ජවයක් එක් කළේය.

දහඅට වතාවක ජාතික ශූරයා වූ නිලුක කරුණාරත්න, ජාතික ශූරයන් වූ නිරෝෂන් විජේකෝන්, කුසාලි දිසානායක, දුමින්ද ජයකෝඩි සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ වෙනත් කීර්තිමත් තරුවරුන් ඇතුළු විශිෂ්ට ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් කෙරිණි. ඔවුන්ගේ සහභාගීත්වය උද්යෝගිමත් හා ජේෂ්ඨ ක්‍රීඩකයින් දෙපිරිසම පොළඹවා තරගාවලියේ තරඟකාරී මුහුණවර උණුසුම් කළේය.

වයස් මත පදනම් වූ ද්විත්ව (35 ට වැඩි, 40 ට වැඩි, 45 ට වැඩි, 50 ට වැඩි, 55 ට වැඩි), කොම්බයින් (90+, 100+), සහ මිශ්‍ර ද්විත්ව ඇතුළු බහුවිධ කාණ්ඩ හරහා තරග පැවැත්විණි. අවසාන තරග කිහිපයක්ම තීරණය වූයේ ඉති උණුසුම් ලෙස අවසාන ලකුණු වලට සමීප තරග මාලාවකිනි.

ශූරතාවන් අතරින් තරගාවලියේ සිත්ගත් තරඟයන් වූ
35 ට වැඩි කාණ්ඩයේ නිලුක කරුණාරත්න සහ චරිත් විජේනායක යුගලය ශූරතාවය දිනා ගනිමින්, ඉරේෂ් ද සිල්වා සහ ඉමන්ධ නිමල්චන්ද්‍ර යුගලය අනුශූරතාවය ලබා ගත්තේය. 40 ට වැඩි කාණ්ඩයේ ශූරතාවය නිලුක කරුණාරත්න සහ රන්දික පීරිස් යුගලය දිනා ගත් අතර, තනුජ ලියනගේ සහ සුසිල් කරුණාරත්න යුගලය දෙවන ස්ථානයට පත්විය.

ජේෂ්ඨ ක්‍රීඩකයින් ද අතිශයින්ම කැපී පෙනුණු අතර, 55 ට වැඩි කාණ්ඩයේ ශූරතාවය ක්ලැරන්ස් හෝම්ස් සහ දුමින්ද සෝමනායක යුගලය දිනා ගත් අතර, කොම්බයින් 100+ ශූරතාවය රොෂාන් පද්මකුමාර සහ රොහාන් ප්‍රනාන්දු යුගලය විසින් ලබා ගන්නා ලදී. මිශ්‍ර ද්විත්ව ශූරතාවය දුමින්ද ජයකෝඩි සහ ප්‍රියාංකා අබේරත්න යුගලය විසින් දිනා ගන්නා ලදී.

වටිනා කුසලාන සහතිකපත් හා ආකර්ශනීය මුදල් ත්‍යාග ජයග්‍රාහකයන් හට ලබාදීමට සංවිධායකවරුන් කටයුතු කරතිබීම බැඩ්මින්ටන් ක්‍රීඩාව කෙරෙහි ක්‍රීඩකයන්ගේ උනන්දුව ආකර්ශනය වැඩිකිරීමක් හා බැඩිමින්ටන් තරගාවලිවල මට්ටම ඉහලට ඔසවා තැබීමකි.

මැක්ලෙරන්ස් හෝල්ඩිංස් සහ මොබිල් ඔයිල් ප්‍රධාන අනුග්‍රාහක ලෙසත්, ස්පෝර්ට්ස් ඇවිනියු, ඩීලාස් ස්කින් කෙයාර් සහ සෙරීන් ජෙම් ඇතුළු අනුග්‍රාහකයින්ගේ සහාය ඇතිව මෙම ශූරතා තරගාවලිය සිදු කිරීම සිදු විය.

බැඩ්මින්ටන් ක්‍රීඩාව වඩාත් ප්‍රචිලිත කිරීම හා එහි ජීව ගුණය ඔසවා තැබීම අරමුණු කරගෙන පැවැත් වූ මෙම බැඩ්මින්ටන් තරඟාවලිය, ආර්ඕ (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් සංවිධානය කිරීමට සැලසුම් කරන ඊළඟ තරගාවලිය වඩාත් පුලුල් හා ආකර්ෂණීය වනු ඇති බව සදහන් කරන ලදී.

Hot this week

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන...

ජනාධිපති මාධ්‍ය උපදේශක මාධ්‍යවේදියෙකුට පහරදීලා

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ලේක්හවුස් සමාගමට අයත්...

හැකර්වරුන් අතට පත්වු ඩොලර් මිලියන දෙකකට අධික මුදල ගැන ජාත්‍යන්තර සහායෙන් විමර්ශන

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය...

Topics

හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට ඇප

ලංකා සතොස ආයතනයේ ලොරි රථයක් අවභාවිතා කළ බවට වන...

ජනාධිපති මාධ්‍ය උපදේශක මාධ්‍යවේදියෙකුට පහරදීලා

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා ලේක්හවුස් සමාගමට අයත්...

හැකර්වරුන් අතට පත්වු ඩොලර් මිලියන දෙකකට අධික මුදල ගැන ජාත්‍යන්තර සහායෙන් විමර්ශන

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ...

සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය...

”හැකර්වරුන් ඊමේල් එක ඔස්සේ පද්ධතියට ඇතුළු වෙලා..” – මුදල් අමාත්‍යාංශ ලේකම් –

සයිබර් අපරාධකරුවන් විසින් මුදල් අමාත්‍යාංශයෙන් අත්පත් කරගත් අමෙරිකානු ඩොලර්...

ජේ.වී.පී එක යහපාලනේ එක්කඑකතුවෙලා මහබැංකුව මංකොල්ල කෑවා. -නාමල් රාජපක්ෂ-

අර කන්ටේනර් තුන්සිය විසි තුන වගේම ගල් අඟුරු වංචාව...

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron