නීපා ගැන අනියත බියක් එපා -සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති –

ඉන්දියාවේ පැතිර යමින් පවතින නීපා වෛරසය පිළිබඳ මෙරට ජනතාව අනියත බියක් ඇති කර නොගත යුතු බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ, අදාළ වෛරසය පිළිබඳව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවධානය යොමුකර ඇති බවය.

නීපා නමින් හඳුන්වන වෛරසය ආසියානු කලාපය හරහා පැතිර යා හැකි බවට අනාවරණය වීමත් සමග ආසියානු කලාපයේ බොහෝ රටවල් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබේ.

තායිලන්තය, සිංගප්පූරුව, හොංකොං සහ මැලේසියාව යන රටවල බලධාරීන් මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පරීක්ෂණ කටයුතු ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙය වවුලන් සහ ඌරන් වැනි සතුන්ගෙන් වැලඳෙන වෛරසයක් ලෙස හඳුනාගෙන ඇති අතර මෙහි මරණ අනුපාතය 40%ත් 75%ත් අතර වන බව සඳහන්ය.

නීපා වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකි වුව ද එය සම්ප්‍රේෂණය වීම ඉතා සුළු වශයෙන් සිදුවන බව වාර්තා වේ.

ආසියානු කලාපයේ රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද මෛම වෛරසය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති අතර ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේය.

"ලංකාවට කිසිම ආකාරයක මේකෙන් තර්ජනයක් නෑ මේ වෙනකොට. ඉතිහාසයේ මේක කවදාවත් වසංගතයක් විදියට පැතිරිලා නෑ. ඒ නිසා අපි අනවශ්‍ය විදියට බිය විය යුතු නෑ. ඒ වගේම මේ වෛරස් එක තියෙනවා ද කියලා සැක සහිත පුද්ගලයින්ගේ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල ලංකාව සතුව තියෙනවා. මේ වගේ වෛරස් එකක් පැතිරෙනකොට අපි ඉතා ළඟින් අධ්‍යයනය කරනවා ලංකාවට බලපෑමක් තියෙනවා ද කියලා. මේ වනතෙක් කිසිම රෝගියෙක් වාර්තා වෙලා නෑ. ලෙඩ සහිත පුද්ගලයෙකු ගුවන්යානයකින් එන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් නෑ. ඒ නිසා ලෙඩ සහිත පුද්ගලයින් ලංකාවට එන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඒ නිසා බය වෙන්න එපා."

මෙරටට පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකදී නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි ප්‍රකාශ කළේ, එවැනි පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවය.

"අපි එහෙම පරීක්ෂණ කළ යුත්තේ වසංගත රෝගී තත්ත්වයක් තියෙන කොට, වෛරස් එකක් විදියට පුද්ගලයින් අතර පැතිර යා හැකි අවස්ථාවක. ඇත්තටම මේ වෛරස් එක තියෙන පුද්ගලයෙක් අධිකව රෝගී තත්ත්වයට පත්වෙනවා. එවැනි අයට ප්ලේන් එකෙන් එන්න තරම් හැකියාව අඩුයි. මෙය පුද්ගලයින්ගෙන් පුද්ගලයින්ට පැතිර යා හැකි අවස්ථාව ඉතාම අඩුයි. ඒ නිසා මේකට කිසිසේත්ම බිය විය යුතු නෑ. අනවශ්‍ය විදියට මුදල් හෝ කාලය වියදම් කළ යුතු නෑ මේ වෙනුවෙන්." 

නිපා වෛරසය යනු,

සතුන්ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් වන මෙය මිනිසාගෙන් මිනිසාට ද සම්ප්‍රේෂණය විය හැකි බව, වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සාරංග සුමතිපාල පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ ය.

මෙම වෛරසය ශාක භක්ෂක වවුලන්ගෙන් ව්‍යාප්ත වන බවත්, එය බොහෝ විට ඌරන් ඇතුළු සත්ත්වයින්ට ද ආසාදනය විය හැකි බවත් ඔහු පැවසුවේ ය.

නිපා වෛරසයේ ආරම්භය

නිපා වෛරසය 1998 වසරේ දී පළමුවරට මැලේසියාවෙන් හඳුනාගැනුණු අතර එය සිංගප්පූරුවට ද ව්‍යාප්ත විය.

එම අවස්ථාවේ දී පුද්ගලයින් 300 දෙනෙකුට පමණ වෛරසය ආසාදනය වූ අතර, පුද්ගල මරණ 100ක් ද වාර්තා වූ බව ඇමෙරිකාවේ වසංගත රෝග පාලන මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

මැලේසියාවේ දී නිපා වෛරසය පළමුවරට හඳුනාගැනුණේ ඌරන්ගෙන් වන අතර, වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට ඌරන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට සිදුවිය.

වෛරසය ව්‍යාප්ත වන්නේ කෙසේ ද?

වෛරසය ආසාදනය වූ සත්ත්වයින්ගේ ඛේටය, මළ මුත්‍රා සහ එම සතුන් සමග සෘජුව ගැටීමෙන්, එය ඔවුන්ගෙන් මිනිසාට ද සම්ප්‍රේෂණය විය හැකි බව විශේෂඥ වෛද්‍ය සුමතිපාල ප්‍රකාශ කළේ ය.

වෛරසයේ ප්‍රධානතම සම්ප්‍රේෂකයින් වන ශාක භක්ෂක වවුලන් අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මැඩගස්කරය සහ ඕස්ට්‍රේලියාව දක්වා ව්‍යාප්තව සිටින බවත්, ඔවුන් තුළ එම වෛරසය පවතින බවත් ඔහු පැවසුවේ ය.

වෛරසය සහිත වවුලන් විසින් ආහාරයට ගන්නා පළතුරු සහ උන්ගේ මළ මුත්‍රා හා ඛේටය ගැටුණු පලතුරු වෙනත් සතුන් හෝ මිනිසුන් ආහාරයට ගැනීම හරහා වෛරසය ව්‍යාප්ත විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ ය.

නිපා වෛරස ආසාදනයක රෝග ලක්ෂණ මොනවා ද?

වෛරසය මිනිසෙකුට ශරීරගත වුවහොත් රෝග ලක්ෂණ කිසිවක් නොපෙන්වීම, සාමාන්‍ය ශ්වසන ආසාදනයක ලක්ෂණ පෙන්වීම මෙන් ම මාරාන්තික මස්තිෂ්ක ප්‍රදාහ (encephalitis) තත්ත්වයක් දක්වා පුළුල් පරාසයක රෝගී තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ.

වෛරසය සිරුරට ඇතුළු වී දින 4-14ත් අතර කාලයකදී උණ, හිසරදය, මස්පිඩු වේදනාව, වමනය, උගුරේ වේදනාව වැනි මූලික රෝග ලක්ෂණ ඇති වේ.

නිපා ආසාදනයට සඳහා ඇති ප්‍රතිකාර මොනවා ද?

මේ වන විට නිපා වෛරස ආසාදනයට සඳහා විශේෂ ඖෂධයක් හඳුනාගෙන නොමැති අතර, ආසාදිතයින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ අනුව ඔවුනට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදු කෙරේ.

දැනට පවතින තොරතුරු අනුව මෙම වෛරසයට 40% සිට 75%ක් දක්වා මරණ අනුපාතයක් පවතින සඳහන් වේ.




Hot this week

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

Topics

ඥානසාර හිමි වෙනුවෙන් මහනුවරින් විරෝධතා පාගමනක්!

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ...

ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර...

සුරේෂ් සලේ එක්නැලිගොඩ නඩුවේ සාක්ෂියට.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ පැමිණිල්ලේ...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ක තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 1.00 න් පසුව...

විජය කුමාරතුංගට අවුරුදු 86ක්

1945 ඔක්තෝබර් 9 වැනිදා රාගම රජයේ රෝහලේදී උපත ලැබූ...

සිරිලිය සවිය ගිණුම, මිලියන 10ක NSB මුදල සහ ශිරන්තිගේ අත්අඩංගුවට ගැනීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, 2026 ඔක්තෝබර්...

රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් සැකකරුවන් හයදෙනෙකු නිදහස්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ...

විරුද්ධ පක්ෂයෙන් කථානායකට එරෙහිව විශ්වාසභංගයක්!

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක වෛද්‍ය ජගත්...
spot_img

Related Articles

Popular Categories

Your support on Patreon helps us stay independent, amplify our message, and grow this movement for a better Sri Lanka.

Become a patron